කොළඹ සරසවි සිසුවිය චතුරි ඝාතනය කලේ ඝාතනයකයා පසිදු අකැමැති මිතුරන් ඇසුරු කිරීමද? සමාජ ජාලා හරහා සංසරණය වූ කතාව මෙන්න
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
කොළඹ සරසවි සිසුවිය චතුරි ඝාතනය කලේ ඝාතනයකයා පසිදු අකැමැති මිතුරන් ඇසුරු කිරීමද?
සමාජ ජාලා හරහා සංසරණය වූ කතාව මෙන්න
චතුරි කොළඹ සරසවියට පැමිණීමෙන් පසු එම සරසවියේම ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලබන වැල්ලම්පිටිය, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි පසිදු මධුසංක නමැති තරුණයකු සමගින් මිතුදමක් ඇති කරගත්තාය. පසුව ආදර සම්බන්ධයක් දක්වා මේ මිතුදම දියුණු වන්නට වැඩි කාලයක් ගතවූයේ නැත.
කොළඹ සරසවි සිසුවිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.
සැකකාර තරුණයා අද (ජන. 18) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මෙම නියෝගය ලබා දුන්නේ ය.
එමෙන් ම, සැකකරු ජාතික මානසික වෛද්‍ය ආයතනයේ විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කර වාර්තා කැඳවන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය
එලෙස ඝාතනයට ලක්ව තිබුණේ චතුරි හංසිකා මල්ලවාරච්චි නම් සිසුවියකි. ඇය හෝමාගම, කිරිවත්තුඩුවේ පදිංචි 24 හැවිරිදි තරුණියකි. චතුරි කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තුන්වැනි වසරේ සිසුවියකි. ඇය සරසවියේ අධ්‍යන කටයුතු සඳහා පැමිණෙන්නේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිට නොව කිරිවත්තුඩුවේ පිහිටි සිය නිවසේ සිටය.සරසවියේ සිසු සිසුවියන්ගේ හිත මිතුරු සොහොයුරියක් වූ ඇය පවුලේ වැඩිමහල් දැරියද වූවාය. ඇයගේ මවත් පියාත් ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරී යුවළකි. චතුරිගේ පියා රංජිත් ප්‍රේමකුමාර දැන් කිරිවත්තුඩුව, අඹගස් හන්දියේ ඔසුසලක් පවත්වාගෙන යයි. මව ගෘහණියක් ලෙස දරු දෙදෙනාගේ සහ නිවසේ වගකීම් භාරගෙන සිටින්නීය.
චතුරි කොළඹ සරසවියට පැමිණීමෙන් පසු එම සරසවියේම ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලබන වැල්ලම්පිටිය, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි පසිදු මධුසංක නමැති තරුණයකු සමගින් මිතුදමක් ඇති කරගත්තාය. පසුව ආදර සම්බන්ධයක් දක්වා මේ මිතුදම දියුණු වන්නට වැඩි කාලයක් ගතවූයේ නැත.
මෙසේ පෙම්වතුන් වූ මේ දෙපළ අතරේ නිරන්තරයෙන්ම ඇතිව තිබෙන්නේ රණ්ඩු සරුවල්ය. පසිදු මානසික ආතතියකින් පෙළීම මේ ප්‍රශ්න සියල්ලටම හේතුව බව මේ දක්වා කර ඇති විමර්ශනවලදී හඳුනාගෙන ඇත. මේ බව සරසවි මිතුරන්ටද රහසක් වී නොතිබිණි.
එලෙස අඬදබර මැද පවත්වා ගෙන ගිය ආදර සම්බන්ධය මාරාන්තික වන තැනටම පත්ව ඇත්තේ චතුරි ඇගේ මුහුණු පොතේ හා වට්ස්ඇප්වල පළකළ බව කියන පෝස්ට්ටුවක්ය. ඇය පසිදු අකැමැති මිතුරන් ඇසුරු කිරීමද ඔවුන් හා කතා බහ කිරීමද පසිදුගේ ප්‍රශ්නය තව තවත් තීව්‍ර කරන්නට හේතුවී ඇත.

මේ ගැන දිගින් දිගටම ප්‍රශ්න කරමින් ඇයට වෙනත් සම්බන්ධයක් ඇතැයි චෝදනා නගමින් පසිදු හැසිර ඇත්තේ දැඩි පීඩනයක් පිට කරමින්ය. ඔහු දැඩිව බියට පත්ව සිට ඇත්තේ තම පෙම්වතිය වෙනත් තරුණයකු සමගින් සම්බන්ධයක් ඇතිකර ගෙන තමා හැරයාවි කියාය.
පසිදුගේ හිතේ වූ මේ ප්‍රශ්නය පසුගිය දින දෙකේදීම පැවත ඇත. මේ පළහිලව්ව ලිහා ගැනීමට ඔවුන් දෙපළ හමුවීමට තීරණය කර ඇත්තේ කොළඹ තුරඟ පිටියය.
පසිදුගේ හිතේ වූ මේ ප්‍රශ්නය පසුගිය දින දෙකේදීම පැවත ඇත. මේ පළහිලව්ව ලිහා ගැනීමට ඔවුන් දෙපළ හමුවීමට තීරණය කර ඇත්තේ කොළඹ තුරඟ පිටියය.
තුරඟ තරග පිටියට පැමිණි යුවළ මඳ වේලාවක් කතා කර කර සිටියද චතුරිට සිතා ගත නොහැකි ආකාරයෙන් උල් පිහියක් අතට ගත් පසිදු ඇගේ ගෙල කපා දමා ඇත. සිදුවීම වී මිනිත්තු පහක් දහයක් යෑමට මත්තෙන් අවට පිරිස් එම ස්ථානයට පැමිණ විපරම් කළත් තරුණිය ඒ වනවිටත් සදහටම සමුගෙන සිටියාය.
තරුණියකට පිහි පහර එල්ල කර ඇති බවට කරන ලද දැනුම් දීමත් සමග කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර ඇතුළු නිලධාරීහු එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ. ඒ වනවිටත් කොළඹ සරසවියේ සිසුහුද එම ස්ථානයට පැමිණ සිටියහ.

පොලිසිය සැකකාර සිසුවා හඳුනාගත්තේ තුරඟ පිටියේ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශන මගිනි. එම සැකකරු තම විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ සිසුවකු බව හඳුනාගත්තේ කොළඹ සරසවියේම සිසුවකු විසිනි.
සැකකාර ශිෂ්‍යයා රැඳී සිටි ශිෂ්‍ය නේවාසිකාගාරය පරීක්ෂා කිරීමේදී ඔහු මානසික ආතතියට ප්‍රතිකාර ලබාගත් බව අනාවරණය වී ඇත. එමෙන්ම මානසික ආතතිය හේතුවෙන් ඔහු ලියන ලද ලියුම් කිහිපයක්ද පොලිසිය විසින් සොයාගනු ලැබීය.

කුරුඳුවත්ත පොලිසියේ මූලික විමර්ශනවලට අමතරව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ. ජී.ජේ. චන්ද්‍රකුමාර තවත් පොලිස් කණ්ඩායම් දෙකක්ද මේ සැකකරු සොයාගැනීම සඳහා යෙදවූයේ ඔහු ආගිය අතක් නොමැති වීම නිසාය.
පොලිසිය සැකකරුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගැනීමේදී එයට ප්‍රතිචාර දැක්වූයේ සැකකරුගේ මව විසිනි. ඇය එහිදී පවසා ඇත්තේ තම පුතු නිවසට පැමිණි බවත් මුදල් පසුම්බිය හා ජංගම දුරකතනය නිවසේ දමා කොහේ හෝ ගොස් ඇති බවත්ය.

මේ අනුව වැල්ලම්පිටිය, කොලොන්නාවේ පිහිටි එම නිවසද පොලිසිය විසින් පරීක්ෂා කළ අතර එහි තිබී සැකකරු විසින් ඝාතනයට යොදාගත් ලේ තැවරුණු උල් පිහියත්, ඝාතනයට යන අවස්ථාවේදී පැලඳ සිටි ටීෂර්ටයත් සොයා ගැනිණි.
උපුටා ගැනීමක් ඇසුරෙනි..