Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

සාරංග මෙහෙම සටහනක් තැබුවේ උමාලිට හින්ට් එකටද? 
අපි කොහොම හිටියත් මිනිස්සු කියන කතාවල වෙනසක් නෑ

රංගන ශිල්පියෙක් විදියට කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ. කවුරුත් දන්නා විදියට පළමු විවාහයට සමුදුන්න ඔහු මේ වෙනකොට දිනක්ෂි ප්‍රියසාද් සමඟ විවාහ වෙලා දියණියක් ද ලබා පිය පදවියට උරුමකම් කියනවා.

ජනප්‍රිය රංගන ශිල්පි සාරංග දිසාසේකර සිය මුහුණු පොතේ අපූරු සටහනක් හුවමාරු කරගෙන තිබුණා. ඒ සාමාන්‍යයෙන් අපිට එදිනදා උගන්වන දේවල් සහ අපිට උගන්වන්නේ නැති දේවල් ගැන. එහෙමත් නැත්නම් සමාජයෙන් අපි ඉගෙනගත යුතු දේවල් ගැන.

සමාජජාලා වල නම් සදහන් වෙන්නෙ සාරංග මේවගේ දේවල් දාන්නෙ උමාලිට ‌පෙන්න කියලයි.

අපිට උගන්වපු බොරු
_____________________

1.අපිට ඉගැන්නුවෙ වැඩිහිටියන් සියල්ල දත් බවත් ඔවුන් කියන සියලු දේ අපි පිලිගත යුතු බවත්ය..
ඒත් ඉගැන්නුවෙ නෑ :- මෝඩයොත් වයසට යන බව

2.අපිට ඉගැන්නුවෙ වැඩිහිටියන්ට ගරුකරන්න,වැඩිහිටියන්ට මුල් තැන දෙන්න ඕනි බවත්ය.
අපිට ඉගැන්නුවෙ නෑ :- මිනිස්සුන්ට ගරු කරන්න මනුස්සකමට මුල්තැන දෙන්න

3.අපිට ඉගැන්නුවෙ ගෙදරදි අම්මා තාත්තාට ඉස්කෝලදි ගුරුවරුන්ට රස්සාවකට ගියාම ප්‍රධානීන්ට යටත් වෙලා ඉන්න ජීවිත කාලේම කොන්ද කඩාගෙන ඉන්න.
අපිට ඉගැන්නුවෙ නෑ :- වැරදි දේට වැරදි කියන්න හරි දේට හරියි කියන්න. අපෙ මතය ඉදිරිපත් කරන්න ,කොන්ද කෙලින් තියාගන්න

4.අපිට ඉගැන්නුවෙ කොහොම හරි ඉගෙන ගන්න බෝට්ටුවෙන් හරි කැම්පස් යන්න,උපාධිය අරන් රජයේ රස්සාවක් කරන්න ,
අපිට ඉගැන්නුවෙ නෑ :- කැම්පස් එකෙන් එලියට ආවාම රස්සාවකට එහා ලෝකයක් දකින්න

5.අපිට ඉගැන්නුවෙ ගෑහැනු මෘදු බවත් පිරිමි රලු බවත් අඩන්නෙ ගැහැනු බවත් පිරිමි නම් අඩන්නෙ නැති බවත් ,
අපි ඉගැන්නුවෙ නෑ :-ගැහැනු පිරිමි ඔක්කොම හැගීම් දැනීම් දැනෙන පණ ගැහෙන මිනිස්සු බව.

6.අපිට ඉගැන්නුවෙ මිනිස්සු මොනවා කියයිද මිනිස්සු මොනවා හිතයිද බව නිතර හිතන්න
අපිට ඉගැන්නුවෙ නෑ :- අපි කොහොම හිටියත් මිනිස්සූ කිය කතා හෝ හිතන විදියේ වෙනසක් නොවන බවත්.

7.අපිට ඉගැන්නුවෙ ජීවිත කාලේම මිනිස්සුන්ට බයෙ ජීවත් වෙන්න.
අපිට ඉගැන්නුවෙ නෑ :- තමන් ජීවත් වෙන සුලු කාලෙ සතුටින් ජීවත් වෙන්න.

8.අපිට ඉගැන්නුවෙ ලැබෙන දෙයින් සතුටු වෙන්න ,දෙන දෙයක් භාර ගන්න
අපිට ඉගැන්නුවෙ නෑ :- තව තව දේවල් ලබා ගන්න,නොලැබෙන දේට සටන් කරන්න .

9.අපිට ඉගැන්නුවෙ අපිට වෙන සියල්ලටම පින් පව් කර්මය වගකිවයුතු බවත්‍.
අපිට ඉගැන්නුවෙ නෑ :- අපි ගන්න තීරණ අනුව අපි කරන තෝරාගැනීම් අනුව අපෙ දෛවය කර්මය ඉරණම වෙනස්කරගත හැකි බව.

10.අපිට ඉගැන්නුවෙ හැමදාම හැමදේකටම හේතු කියන්න,බෝලේ පාස් කරන්න.
අපිට ඉගැන්නුවෙ නෑ :-අපි කරන කියන දේට වගකියන්න වගවෙන්න.

11.අපිට ඉගැන්නුවෙ අපි නිකම් ඉගෙනගන්න බවත් අධ්‍යාපනය සෞඛ්‍ය නිකම් බවත්‍.
අපට ඉගැන්නුවෙ නෑ :- නිකම් මුකුත් නොලැබෙන බවත් සියල්ලම ලැබෙන්නෙ අපි ගෙවන බදු මුදලින් බවත්.

12.අපිට ඉගැන්නුවෙ ලෝකෙන් උතුම් රට ශ්‍රීලංකාව බවත් ලංකාව දියුණු වෙමින් පවතින රටක් බවත්.
අපිට ඉගැන්නුවෙ නෑ :-ලෝකෙන් උතුම් රටවල් තව සියගණනින් ඇති බවත් යක්ක පුතාලා දුවලා ඒවගෙ යන්න වලිකන බවත්,ලංකාව කවදාවත් දියුණු නොවන බවත්.

13.අපිට කිව්වේ සහභාගිත්වය තමයි වැදගත්, දිනුම නෙමෙයි කියලා
අපට ඉගැන්නුවේ නෑ :-.තරගයක දිනුම යනු ලෝකය සතුටු කරන හෝ ලෝකය ඉල්ලන දෙම කිරිම නොව තමන්ගේ හදවතට සතුටක් සැහැල්ලුවක් දැනේන දෙයක් කිරිම බවත්..

*උපුටා ගැනීමක්





>
gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Mini Gossip

Advertisements

-

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook

Wikipedia

Search results