Featured News

Video Gossip

Advertisement

පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ)

හිටපු නාවික හමුදාපති වියත්මඟ සාමාජික, ගෝඨාගේ වයඹ ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩගේ නීති විරෝධී දැව ජාවාරමේ වීඩියෝ සාක්ෂි අප වෙත ලැබී ඇත.

වයඹ ආණ්ඩුකාර කාර්‍යාලයේ රතු පැහැති කැබ් රථයෙන් අදින හොර ලී, නාවික හමුදාවේ සෙබලු ලවා ගෘහ භාණ්ඩ බවට පත් කරන්නේ සිය නිල නිවෙස තුලදීමය.

මෙහි පුදුමයට කරුණ වන්නේ ආණ්ඩුකාර නිල නිවෙස වටා කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අදිකාරී වැන්නවුන්ගේ නිල නිවෙස් පිහිටා ඇතත්, මේ කුප්‍රකට දැව ජාවාරම වැටලීමට කිසිදු උත්සාහයක් පොලීසිය විසින් නොගැනීමයි..ඒ් අප පෙර පුවතේ සදහන් කල පරිදි මෙම ආණ්ඩුකාරවරයාට බියෙන් යැයි ඒම ප්‍රදේශවාසීන් පවසති.

අතීතයේ සිට දූශිතම නාවික හමුදාපතිවරයෙක් ලෙස හැඳින්වූ වසන්ත කරන්නාගොඩ ඔහුගේ කළු සල්ලි සුදු කිරීමට යොදාගත්තේ නිවාස සාදා විකුණන ව්‍යාපාරයකි. මේ හොර දැව වලින් සදන ගෘහ භාණ්ඩ එම නිවෙස් වලට යවන බව, ආණ්ඩුකාර නිවෙස තුල සිට අප වෙත වීඩියෝ එවූ අභ්‍යන්තර වාර්තාකරුවන් අප හට වාර්තා කරන ලදී.

කන්න නැතිව පොල් ගෙඩිය හොරකම් කරන දරුවාට පවා නීතිය ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා පොලීසිය වයඹ ආණ්ඩුකාරයාගේ මෙම කුප්‍රකට දැව ජාවාරම පිළිබඳව අප විමසිල්ලෙන් සිටින බව ජාවාරම්කාර වයඹ ආණ්ඩුකාරයාට සහ ශ්‍රී ලංකා පොලීසියට අප අවධාරණය කරමු.

මේ පිළබඳව තවත් වීඩියෝ පළකිරීමට අප කටයුතු කරන බවද අපගේ පාඨක ඔබ වෙත සපථ කර සිටිමු.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements