Featured News

Video Gossip

Advertisement

හෙළ කලා අඹරේ දැවැන්ත සලකුණ ජැක්සන් ඇන්තනීගේ නවතම සෞඛ්‍ය තත්ත්වය ගැන 
බාල පුතු සජිත ඇන්තනී කියපු දේ

හෙළ කලා අඹරේ දැවැන්ත සලකුණක් වන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අනතුරුකට මුහුණ පා මේ වන විටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අවස්ථාවක ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් මැවෙන්නට වුනා. ඒ් හේතුවෙන් සමාජයේ බොහෝ දෙනා ඒ් පිළිබදව දැඩි සැලකිලිමත් වන්නට වුනා.

ඔහු මෙලෙස අනතුරකට පත්වූයේ සිංහබාහු සිනමාපටයේ රූගත කිරීම් සිදුකර පැමිණෙන අතරවාරයේයි..

අනතුරට පසුව සැත්කමකට පවා ඔහුව බඳුන් කරනු ලැබුවා. ඔහුගේ බෙල්ල, කශේරුකාව ආශ්‍රිතව ආබාධයන්ට ලක්ව තිබෙන බවයි වාර්තා වූයේ. කෙසේවෙතත්, සැත්කමට අනතුරුව ඔහු සිහිය ලද බවයි ආරංචි වූයේ.

ඊයේ Hiru කොපි චැට් වැඩසටහනට එක් වෙමින් ඔහුගේ ඔහුගේ බාල පුතු සජිත ඇන්තනී තමන්ගේ අප්පච්චිගේ මේ වනවිට තත්ත්වය මෙලෙස කියා සිටියා..

"තාත්තගේ හදිසි අනතුර වෙලා දැන් මාස කීපයක් ගත වෙනවා. තාත්තා තාමත් ජෙනරල් හොස්පිටල් එකේ අයිසීයූ එකේ ඉන්නේ. ඒ දොස්තර මහත්තුරු තාත්තව ආදරෙන් බලාගන්නවා. දවසින් දවස ගොඩනැඟෙනවා නමුත් හෙමින්. මම හිතන්නේ මේ වෙලාවේ අප්පච්චිට ආදරේ කරන අවංක හදවත්වලින් කරන ප්‍රාර්ථනාවල් තමයි හුඟක් වැදගත් වෙන්නේ. වෛද්‍ය විද්‍යාවට එහා ගිය ශක්තියක් මම විශ්වාස කරනවා ඒ ප්‍රාර්ථනාවලට තියෙනවා කියලා. මේ වෙනකොටත් අප්පච්චි වෙනුවෙන් රටපුරා බෝධි පුජා අපි දැනුවත්ව නොදැනුවත්ව කෙරෙනවා. අනිවාර්‍යයෙන්ම එයා ඉක්මනින්ම සුව වේවි කියලා අපිට විශ්වාසයක් තියෙනවා."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements