Featured News

Video Gossip

Advertisement

මට ඒකට නීතියෙන් ඉඩක් නෑ 
කොරින් අල්මේදාගේ පුත්  බ්‍රැන්ඩන් ඉන්ග්‍රම් කියපු අමුතු කතාව

70 යුගයේ බිහි වූ කණ්ඩායම් සංගීත ශෛලියට ගායන කරන 80 යුගයේ එකතු වූ ගායිකාවන් අතර කොරින් අල්මේදා ට ඇත්තේ ප්‍රධාන තැනකි. ජුලියන් අල්මේදා සහ නොයිලින් ලෝඩ් යන ඇයගේ දෙමාපියන්ද සංගීතයට හිතකාමී පුද්ගලයන් වීමෙන් නිවස පුරා සංගීතමය පරිසරයක් ඇයට තිබුණි.

ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි කොරින් ප්‍රසංග වේදිකාවේ ප්‍රාසංගික අත්දැකීම් එක් කරන ගායන ශිල්පිණියක්. ගයන හැම ගිතයකින්ම ජනප්‍රිය වෙන කොරින් පුතෙකුට ආදරණිය අම්මා කෙනෙක්.ඔහුගේ ආදරණිය පුතණුවන් තමයි බ්‍රැන්ඩන් ඉන්ග්‍රම්. ගායනයට වගේම ලේඛනයටත් ඔහු දක්ෂයෙක්.

ඒ වගේම බ්‍රැන්ඩන් තමන් සමරිසි පුද්ගලයෙක් බව ප්‍රසිද්ධියේ පිළිගත්ත කෙනෙක්. මේ ඔහු වැඩසටහනකදි ඒ බව නිර්භයව ප්‍රකාශ කළ හැටි.

"මට මුලින්ම ඒ වෙනස දැනෙද්දි මම මගේ ෆැමිලි එකත් එක්ක කතා කළා. බඳින් නැත්තේ ඇයි ? වෙලාව හරි නේද ? අහනකොට මම කිව්වා 'මට තාම බඳින්න නීතියෙන් ඉඩක් නෑ' කියලා.

පස්සෙ මම ඇත්ත කියනවා. හැමදේම හොඳින් වුණා. අවුරුදු තුනක් ගත වුණා.."

"ඔය කෝල් එනවනෙ අරයා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා කියලා. අපේ අම්මට කෝල් එකක් එනවා ඔය විදිහට.. එදා අම්මයි මායි ගොඩක් ඇඬුවා. මම එයාගෙන් ඇහුවා ඇයි අඬන්නෙ කියලා. දැන් මම ඒ අයිඩින්ටි එක හදාගෙනනේ ඉන්නෙ. ඒ ගැන මම සතුටු වෙනවා.. මම කිව්වා, මමයි මේ දේ නිසා ගොඩක් දුක් වින්ඳේ, නමුත් මම මේ හදාගත්ත අයිඩින්ටි එක ගැන මට සතුටුයි කියලා. පුංචිත් සමාව ඉල්ලුවා. එයාලා හිතලා තියෙන්නෙ මම විහිලුවක් කරනවා කියලා. එතකොටයි මම හිතුවේ මම හරියට ඕපන් වෙලා නෑ කියලා. එදා ඉඳන් මම ෆැමිලි එකේ අය එක්ක මේවා ගැන විවෘතව කතා කරනවා.."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements