Featured News

Video Gossip

Advertisement

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ගංජා වගාව STF අල්ලයි

නියෝජ්‍ය කථානායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා කුලී පදනම මත ලබා ගත් පුද්ගලයකු ගංජා හේනක් පවත්වාගෙන ගියේ යැයි කියයන චෝදනාවක් සම්බන්ධයේන් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ සූරියවැව ප්‍රදේශයේ පදිංචි අයෙකි.
නියෝජ්‍ය කථානායකවරයාට අයත් බව කියන මත්තල ගම්මිරිස්කමත ප්‍රදේශයේ පිහිටි අක්කර 50 කින් යුත් ඉඩමෙන් අක්කර 10 ක පමණ කොටසක් එළවළු සහ පලතුරු වගා කිරීම සඳහා කුලී පදනම මත සූරියවැව ප්‍රදේශයේ පදිංචි සැකකරුට ලබාදී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම සැකකාර පුද්ගලයා කුලී පදනම මත ලබාගත් එම ඉඩමේ අක්කර දෙකහමාරක පමණ ප්‍රමාණයක ගංජා වවා තිබූ බව පොලිස් විශේෂ කාර්යය බළකා ආරංචිමාර්ග සඳහන් කරයි.

කතරගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු බුද්ධි තොරතුරක් මත එම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත ගංජා හේනේ අඩි පහක් පමණ උසට සරුවට ගංජා වැවී තිබුණු බව පැවසේ.

ගංජා පැල පැළ කොටසක් නඩු භාණ්ඩ වශයෙන් සැකකරු සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයට ගෙන සෙසු ගංජා පැල ගිනි තබා විනාශ කර දමා තිබේ.

– Lankadeepa

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements