Featured News

Video Gossip

Advertisement

ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු

එකල ඔහුගේ පිතිකරණය නැරඹීමට පාසල් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මෙන්ම රට පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ද පාසල් ක්‍රිකට් තරග නැරඹීමට පැමිණි බව මම අසා ඇත්තෙමි.

ඒ කුමක් වෙතත් කොළඹ නාලන්දා විද්‍යාලයේ ප්‍රබල පිතිකරුවෙකු වූ කුමාර් ධර්මසේන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණෙන්නේ පිට දඟපන්දු යවන්නෙකු ලෙසය.

වර්තමානය සම්පූර්ණයෙන්ම ඔහුගේ ක්‍රිකට් විනිසුරුකරණය වෙත ඉලක්කගතව ඇත. ICC විනිසුරුවරුන් අතර ප්‍රභූ පන්නයේ (Elite panel) පළමු තැන ද ලබා ගන්නට තරම් විනිසුරුකරණයේ සමතෙකු වූ ධර්මසේන, ක්‍රිකට් ක්‍රීඩා කරන සමයේ දී එතරම් කීකරු පන්දු යවන්නෙකු නොවේ.එකල ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අහිංසක දඟපන්දු යවන්නන් අතරට ධර්මසේන එක්වන්නේ දඩබ්බරයෙකු ලෙස ය.

එනම් කරදරකාර පිතිකරුවන් මෙන්ම දැවී යන පිතිකරුවන්ගේ කන් පුරවන්නෙකු ලෙස ය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටි කෙසඟම ක්‍රිකට් ක්‍රීඩකයන් කවුදැයි ඔබගෙන් පැනයක් විමසුවහොත් ඉක්මණින්ම මතකයට නැගෙන ක්‍රීඩකයෙකු වන කුමාර් ධර්මසේන ප්‍රථමයෙන්ම ජාත්‍යන්තරයට පැමිණියේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසයි. ඔහුගේ පළමු තරගය දකුණු අප්‍රිකාවට එරෙහිව SSC ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී පන්දුවාර 45ක් යවා කිසිදු කඩුල්ලක් දවා ගැනීමට ඔහු අසමත් විය. එහෙත් මීළඟ තරගයේ දී සිය මංගල ටෙස්ට් කඩුල්ල ලෙස ඇන්ඩෲ හඩ්සන්ගේ කඩුල්ල දවා ගැනීමට ඔහු සමත් විය.

ඔහුගේ තෙවැනි ටෙස්ට් තරගයේ දී දඟපන්දු යවන්නන්ට එරෙහිව හොඳින් ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායමේ කඩුලු 8ක්ම ඔහු විසින් දවා ගත්තේ පළමු ඉනිමේ 6ක් සහ දෙවැනි ඉනිමේ 2ක් වශයෙනි. එහි දෙවැනි ඉනිමේ දී 9 වැනි පිතිකරු ලෙස පිටියට පිවිස ලකුණු 30ක් ලබා ගන්නට ද ඔහු සමත් විය. බැලූ බැල්මට හොඳ පිතිකරුවෙකු ලෙස නිර්ණය කරගත නොහැකි ක්‍රිකට් ආම්පන්නයන්ගෙන් සැරසුණු ඔහු, ශරීරයට වඩා විශාල හිස් ආවරණයක්, අත් ආවරණයක්, පා ආවරණ සහ ඇඳුම් පැලඳුම්වලින් සැරසී පිතිකරණයට පැමිණෙන ආකාරය රැවටිලිකාර ය. ඔව්, ඔහු උවමනාවෙන් පිතිකරණයේ යෙදෙන සෑම විටකම හොඳ පිතිකරුවෙකි.

1994 වසරේ දී එක්දින ජාත්‍යන්තර තරග වෙත පැමිණි ඔහු පාකිස්තානයට එරෙහිව පැවති සිය පළමු එක්දින තරගයේ දී බාසිත් අලී සහ ආසිෆ් මුජ්ටාබාව දවාගෙන, පන්දුවාර 9ක දී ලකුණු 34කට කඩුලු 2ක් වාර්තා කළේය. 1994 පැවති මැන්ඩෙලා කුසලාන තරගාවලියේ දී ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 37කට කඩුලු 4ක් වාර්තා කළේ දඟපන්දු යවන්නන්ට එතරම් සහායක් නොමැති පෝට් එලිසබෙත් තණතීරුව මතදී ය.

මුල් කාලීනව එතරම් කඩුලු අතර නොසිටියත්, නායක අර්ජුන රණතුංග විසින් දිගින් දිගටම ධර්මසේනව කණ්ඩායමේ ක්‍රීඩා කරවීම දක්නට ලැබුණි. ධර්මසේනගෙන් කඩුලුවලට වඩා බලාපොරොත්තු වුනේ නව පන්දුවෙන් දඟපන්දු යැවීමයි. එමෙන්ම ඒකාකාරී දඟපන්දු යවන්නන් අතරට වෙනසක් රැගෙන ඒමයි. එකල බොහෝ විට වේගපන්දු යවන්නන් දෙදෙනෙකුගෙන් පමණක් යැපුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පන්දු යැවීමේ වෙනස ධර්මසේනයි. තරගයේ පන්දු වාර 10-15 අතර පන්දු යැවීමට පැමිණෙන ඔහුට අයත් කාර්යභාරය වූයේ මුත්තයියා මුරලිදරන් සහ සනත් ජයසූරියට පන්දු යවන්නට අවශ්‍ය වේදිකාව සැකසීමයි.

අඩුවෙන් කතා බහට ලක්වන මෙම “ ක්‍රීඩකයා”, ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ මුහුණු පොතට එබුණු අපිට ආදරණීය රූ එකතුවක් දකින්න ලැබුණා. ඒ ඔහුගේ ලොකු දියණියගේ උපන්දින සැමරූමේ රූ එකතුවක්. දියණිය මේ විදියට සමරන්නේ ඇයගේ 22 වන උපන්දිනය. "My elder daughter Ashi 22 BD" කියලා තමයි කුමාර් මේ විදියට රූ එකතුවක් මුහුණු පොතට එකතු කර තිබුණේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements