Advertisement

කොළඹ සරසවි සිසුවියක් මහ දවල් ඝාතනය කරයි - සැකකාර පෙම්වතා අත්අඩංගුවට

කොළඹ, තුරඟ තරග ක්‍රීඩාංගනයේ ලකුණු පුවරුව ආසන්නයේ අබිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් අද (ජන. 17) දහවල් සොයා ගෙන ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, හෝමාගම, කිරිවත්තුඩුව, පුබුදු උයන පදිංචි 24 හැවිරිදි තරුණියකි.

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක බවට අනාවරණය වී ඇත.

තුරඟ තරග ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව අසල අද දහවල් 1.30 පමණ සැක කටයුතු ලෙස වැටී සිටි තරුණියක දැක ඒ බව පොලිසියට කළ දැනුම් දීමකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ වැටී සිටි තරුණිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.එම තරුණියගේ ගෙළ ප්‍රදේශයේ කිසියම් කැපුම් තුවාලයක් දක්නට තිබී ඇති අතර රෝහල්ගත කළ තරුණිය පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ, ඇය මියගොස් ඇති බව ය.

තරුණිය වැටී සිටි ස්ථානයේ තිබී අත් බෑගයක් සහ ජංගම දුරකතනයක් හමුවී ඇති බව ද පොලිසිය පැවසීය.

මේ අතර කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළේ, 24 හැවිරිදි සැකාර පෙම්වතා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ය.

ඝාතනය සඳහා යොදා ගත් බවට සැක කරන පිහිය ද මේ වන විට සොයා ගෙන ඇතැයි පොලිසිය පැවසීය.

සැකකරු ද කොළඹ විශ්වවිද්‍යාලයේ වෙනත් උපාධියක් හදාරන බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව, සැකකරු මේ වන විට කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටින බව පොලිසිය වැඩිදුරට ත් පැවසීය.

මෙම සිසුවිය සම්බන්දය නතර කිරීමට මීට මාස දෙකකට පෙර යෝජනා කර ඇති අතර ඇය වෙන ‌කෙනෙකුට අයිති වේ යැයි සිතා මෙම ඝාතනය සිදු කර ඇති බව පැවසේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements