Advertisement

නොලැබෙන බව දන්නවනම් ආදරෙයි කියන්න එපා - හිටි හැටියේම අභිෂේකා විමලවීර තැබූ සටහන

බොහෝ දෙනෙක්ගේ ආදරය කරන හඩක් සහිත ගායන ශිල්පිනියක් තමයි අභිෂේකා විමලවීර. ඇය මුහුණු පොතේ ගොඩක් ජනප්‍රිය චරිතයක්.

මෙරට ගායන ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වය පසෙකලා තමන්ගේ තෘප්තිය උදෙසා ගීත ගායනා කරන ගායන ශිල්පිනියක් .

ඇය ගැයූ සෑම ගීතයක්ම පාසේ රසිකයන් ආදරෙන් වැළඳගත්තා. අභිෂේකා විමලවීර සමාජ ජාලාවලත් ජනප්‍රිය චරිතයක්. ඇය සමාජ ජාලාවල පළ කරන සටහන් අතර අද පළ කළ සටහන ටිකක් විශේෂයි."ප්‍රේමයෙන් මරණාසන්න තුවාළ හිමිවුණු මනුස්සයෙක් මරණය වෙනුවට ජීවිතේ තෝර ගන්නවා කියන්නෙ ,
අත් හැරීම වෙනුවට අත්පත් කරගැනීම කියන තැනට හිත හදාගන්නව කියන්නෙ පුදුම achievement එකක්.
හැබැයි මෙහෙම හිත හදා ගන්න මිනිස්සු ආයෙම ආදරේ කරන්න බය වෙනවා.
ඒ, අතීත වේදනාව ආයෙම විදින්න තමන්ට හයියක් නෑ කියල හිතන නිසා.. ආදරේ හිදිල කියල හිතන නිසා.
ඔහේ කාලයත් එක්ක බොහොම නිදහසේ ,සැහැල්ලුවෙන් චූටි පාලුවක් එක්ක ජීවිතේ ගලාගෙන යනවා.
සමහර විට මාස ගාණක්. සමහර විට අවුරුදු ගාණක්. සමහර විට ශත වර්ෂ ගාණක්, සමහර විට සදහටම..
හැබැයි ආයෙම මට නම් කිසිම කෙනෙකුට ආදරේ හිතෙන්නෙ නෑ, මගෙ හිතට ලාදුරු කියල හිතපු සමහර මිනිස්සුන්ට එකපාරම එකඑල්ලේ බලන්න බැරි ඇස් මුණගැහෙනවා.

හර්ද වස්තුවේ duty එක ලේ පොම්ප කරන එක විතරක් නෙමේ කියල දැණෙන්න ගන්නවා..
ඒත්.... ඒ මිනිස්සු ආදරෙයි කියලා අලුත් බැදීමක් හදා ගන්න බයයි. මොකද ආදරය අත් ඇරුණොත් ආයෙම නොලැබෙන බව දන්න හින්දා. ඒ වෙනුවට ඒ බැදීමට නමක් නොදී ඉන්නවා.

සිප ගැනීම් දාහකට ගේන්න බැරි සතුටක් ඒ එක බැල්මකින් ඔබට ලැබෙනවා.
ඒ නිසා දැණෙන කෙනෙක් ලැබුණත් නොලැබෙන බව දන්නවනම් ආදරෙයි කියන්න එපා...
ඒ වචනෙ සාපයක් !
ආදරෙයි.
අභී!"

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements