Featured News

Video Gossip

Advertisement

දෙන්නෙක් මට කැමැත්තෙන් හිටියා

ගැහැණු ළමයි කැමතියි මගේ කටකාර දඟකාර ගතියට
-ධනංජි තාරුකා

ධනංජි තාරුකා නම් හැඩකාරල දඟකාර මෙන්ම හිත හොඳ නිළියක් ලෙස කා අතරත් ජනප්‍රියයිග
මේ දිනවල ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයකම දකින ධනංජි තරුණ පිරිසගේ අවධානය නිරන්තරයෙන්ම දිනාගන්නා රංගන ශිල්පිණියකි.
 
 මේ වෙනස්ම විදිහේ ප්‍රශ්න කිහිපයකට  ඇය ඊට දැක්වූ ප්‍රතිචාරයන්.

ධනංජිගේ මුල්ම ආදරය මතකද?

මගේ ප්‍රථම ප්‍රේමය ඇතිවුණේ පාසල් යන කාලේ. මේක වසර ගණනාවක් තිස්සේ පැවතුණ සම්බන්ධයක්. හැබැයි පාසල් කාලය නිමාවත් සමග මේ සම්බන්ධය නතර වුණා. මේ සම්බන්ධය වසර අටක් විතර තිබුණා.ධනංජිගේ පාසල් පෙම්වතා දුන්න මුල්ම තැග්ග මොකක්ද?

එහෙම මතකයක් නැහැ මට. උපන්දිනේට, ආදරවන්තයින්ගේ දිනයට ගොඩක් තැගි මට එයා අරන් දීලා තියෙනවා. වසර අටක් කියන්නේ ඉතින් ලොකු කාලයක් නේ. ඒ කාලේ ගොඩක් දේවල් ඉතින් එයා මට දිලා තියෙනවා. පාසල් යන කාලේ ඉතින් හරි වෙනස්නේ. එයා චොකලට් එකක් දුන්නත් මම ඒක එකතු කරලා තියාගන්නවා. බස් ටිකට් එකක් වුණත් එහෙමයි. එහෙම එකතු කරගත්තු ගොඩක් දේවල් මා ගාව තිබුණා ඉතින්. මුල්ම තැග්ග මොකක්ද කියලා මට මතක නැහැ. මොකද, ඒ තරම් තැගි ගොඩක් එයා මට දීලා තිබුණ නිසා.

පාසල් කාලයේ ධනංජිගෙන් ආදරය ඉල්ලගෙන කී දෙනෙක් විතර ආවද?

ගොඩක් කට්ටිය ඉතින් ආදරය ඉල්ලගෙන ඇවිල්ලා තියෙනවා. ලියුම් දිලා තියෙනවා. ඇවිල්ලා මුණටම අහපු අවස්ථාත් ඉතින් තියෙනවා. කි දෙනෙක් එහෙම ආදරය ඉල්ලගෙන ආවාද කියන ගාණ නම් ඉතින් හරියටම මතක නැහැ මට.

ඔය අතරේ අමතක නොවන සිදුවීම්වලට එහෙමත් ධනංජි මුහුණ දීලා ඇති?

පිරිමි ළමුන් දෙන්නෙක් මට කැමැත්තෙන් හිටියා මගේ පාසලට එහා පැත්තේ තියෙන පාසලක. එතකොට මම පාසල් අවසන් වෙලා ගෙදර එද්දි එක්කෙනෙක් මට ලියුමක් දුන්නා අනිත් කෙනා මාත් එක්ක කතා කරන්න ඕනා කිව්වා. හැබැයි ඒ දෙන්නට මම කැමති වුණේ නැහැ. පාසල් නිවාඩු දෙන අන්තිම දවසක තමයි ඔය සිදුවීම වුණේ. පස්සේ ඒ දෙන්නා අතර හිත් අමනාපකමක් ඇතිවුණා. මොකක් වුණාද දන්නේ නැහැ. නිවාඩුවෙන් පස්සේ ආයේ ඒ දෙන්නන මට මුණ ගැහුණේ නැහැ.

පොඩි කාලේ ධනංජි හිතින් තරුවකට ආදරය කළාද?

ඔව්, ශිහාන් මිහිරංගට. පාසල් කාලේ ඉතින් මගේ විතරක් නෙමෙයි මගේ වයස හිටිය හැම කෙනාගේම සිහින තරුව වෙලා හිටියානේ ශිහාන්. එයාට මම ගොඩක් ආදරය කළා. ශිහාන්ගේ මම ලොකුම රසිකාවියක් වෙලා හිටියා කිව්වොත් හරි ඉතින් ඒ කාලේ.

ශිහාන්, ධනංජිගේ පෙම්වතා වුණා නම් කියලා හිතුණේ නැද්ද?

එහෙම නම් හිතුණේ නැහැ. මොකද, ශිහාන්ට ඒ කාලේම ප්‍රේම සම්බන්ධයක් තියෙනවා කියලා අපිට ආරංචි වුණා. ඉතින් එහෙම දෙයක් මට ශිහාන් ගැන හිතුණේ නැහැ.

දැනට ධනංජි කිදෙනෙකුට ආදරය කරලා තියෙනවාද?

එහෙම කියන්න අමාරුයි. මට ස්ථිරවම ප්‍රේම සම්බන්ධතා තිබිලා තියෙන්නේ තුනයි. එකක් මම අර මුලින්ම කිව්ව පාසල් යන කාලේ තිබුණ ප්‍රේම සම්බන්ධය. ඊට පස්සේ කලා ක්ෂේත්‍රය වැඩ කරද්දි තව ප්‍රේම සම්බන්ධයක් තිබුණා. ඊට පස්සේ ඇතිවුණ ප්‍රේම සම්බන්ධය තමයි මම දැන් විවාහ වෙලා ඉන්නේ.

අදටත් ධනංජිට වැඩිපුර ආකාර්ශණය තියෙන්නේ?

ගැහැණු පිරිමි දෙගොල්ලන්ගෙන්ම තියෙනවා. මොකද, ගැහැණු ළමයි කැමතියි මගේ කටකාර දඟකාර ගතියට. ඒ හින්දා පිරිමි වගේම ගැහැණු අයගෙනුත් අදත් මට හොඳ ආකාර්ශණයක් තියෙනවා කියලා මට දැනෙනවා.

බුද්ධික සේනාධීර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements