Featured News

Video Gossip

Advertisement

ෆෝන් එකෙන් ආදරේ කරන එක ගොඩක් සුන්දරයි කිදෙනෙක්ගෙන් ඩිවෝස් වෙයිද කියලා මන් වත් දන්නේ නෑ -  හර්ෂි රසාංගා

හර්ෂි රසාංගා අවුරුදු ගාණක ඉඳන් හුරු පුරුදු රංගන ශිල්පිනියක්. ළමා නිළියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය දැන් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

සුජාතා ටෙලි නිර්මාණයෙන් හැමෝගෙම ආදරය දිනාගත්ත හර්ෂි දැන් පුංචි තිරයේ පෙම්වතියක් දක්වා දුර ඇවිත්.මම පුංචිම කාලේ මුලින්ම සම්බන්ධ වෙන්නේ වෙළෙඳ දැන්වීම්වලට. හය වසරෙදි තමයි මට ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබුණේ.

 ඒ රවින්ද්‍ර විජේරත්න මහත්මයා අධ්‍යක්ෂණය කළ සුජාතා ටෙලි නාට්‍යය. පළමු ටෙලි නාට්‍යයෙන්ම මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. බොහෝ අයට ජනප්‍රිය වෙන්න කාලයක් ගියාට මට වාසනාවකට වගේ බොහෝ දෙනාගේ ආදරය ලැබුණා පුංචි කාලෙදීම.අදටත් සුජාතා නාට්‍යයේ හිටපු පුංචි රංගන ශිල්පිනිය විදිහට මාව හඳුනගන්න බොහෝ පිරිසක් ඉන්නවා. අවුරුදු දහයක් වගේ කාලයක් ඇතුළත මේ වගේ තැනකට එන්න ලැබීම ඇත්තටම සතුටක්.රංගන ශිල්පිනියක් වෙන්න මට එහෙම හීනයක් බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ.

 හැබැයි මාව හම්බෙන්නත් කලින් අම්මටනම් ඒ වගේ හීනයක් මං ගැන තිබිලා තියෙනවා. අම්මා කවදාවත් එයාගේ හීනය මගේ ඔළුවට දැම්මේ නැහැ. දෛවය නිසා වෙන්න ඇති මට රංගන ශිල්පිනියක් වෙන්න ලැබුණා. අහම්බෙන් තමයි මට ඒ අවස්ථාව ලැබුණෙත්.

ගොඩක් ප්‍රේක්ෂකයන් ආදරයට අපි ගැන හොයනවා. ඒ උනාට මම මගේ පුද්ගලිකත්වයට ගොඩක් කැමතියි, සමහර අය කරන දේවල් නිසා මට රංගනයෙන් අයින් වෙන්නත් හිතෙනවා. හැබැයි දැන් මට දැනෙනවා අපි ආශ්‍රය කරන සමහර අයට එයාලා හිතපුවත් නැති දේවල් වෙලා තියෙනවා කියලා ඉතින් මට වෙච්ච දේවල් මොනවද කියලා හිතෙනවා.

 දැන් ඉතින් මම පොඩි පොඩි දේවල්වලට වැටෙන්නේ නැතිව කවුරු මොනවා කිව්වත් කවුරු මොනවා කළත් මගේ ගමන යනවා.

ඉතින් ඒ වගේම ආදරේ ගැන කතා කරනකොට ඇය විස්වාස කරන දෙයක් තමයිලු තමන්ට ගැලපෙන කෙනෙක් කොහේ හරි තැනක ඉන්නවා කියන දේ. ඉතින් ජීවිතේට ගැලපෙනම කෙනා හම්බ වෙනකම් හරිම පරිස්සමෙන් අනිත් අයත් එක්ක ගනු දෙනු කරන්න ඕන කියලත් ඇය කියනවා.

 ඉතින් ඒ වගේම කෙනෙක්, කීදෙනෙක් එක්ක යාලුවෙනවද, එයා කීදෙනෙක් එක්ක විවාහ වෙනවද, ඩිවෝස් වෙනවද කියන දේ කවදාවත් අපිට වෙනස් කරන්න බැහැ කියලත් ඇය කියනවා. 

ඒවා ජීවිතේ ලියවිලා තියන විදිහටලු වෙන්නේ. ඉතින් වැරැද්ද ගැහැණු කෙනාගේ වුනත් පිරිමි කෙනාගේ වුනත් දෙගොල්ලොම මිනිස්සු කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම ගොඩක් වෙලාවට හම්බ වෙන්න ලැබෙන්නේ නැති දෙන්නෙක් ෆෝන් එකෙන් ආදරේ කරන එක ගොඩක් සුන්දරයි කියලයි ඇය කියන්නේ. හැබැයි වෙලාවකට ඒක ලොකු දුකක්ලු. ඉතින් ඇය කියන්නේ සම්බන්ධතාවයක් ඇතුලේ ඇත්තටම ආදරේ කියන දේ තියනවානම් ඕනෑ එපාකම් කොච්චර තිබුනත් ඒ දේවල් ඉවසන්න පුළුවන් වෙන්න ඕන කියලයි ඇය කියන්නේ. 

ඒ වගේම ඇය කැමති නැහැලු අදරේදී ෆොටෝ වීඩියෝ ෂෙයාර් කර ගන්න. මොකද ඇය පොඩි කාලේ ඉදන්ම දැකලා තියනවාලු ගොඩක් ළමයින්ට වෙලා තියන දේවල්. 

ඉතින් ඒ වගේම ඇයගේ ජීවිතේ දැන් ඇයට තියන එකම බලාපොරොත්තුව සතුටින් ජීවිතේ කිසිම දුකක් නතුව ජීවත් වෙලා සතුටින් මැරිලා යන එක කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements