Featured News

Video Gossip

Advertisement

පොලිස් අත්තඩංගුවෙ සිටි අනුරට බිත්තර ගැසූ දෙදෙනා අතුරුදන් වෙලා 
අධිකරණයට ඉදිරිපත් නොකරම ගෙදර යැවුවාද?
පොලීසියේ පිළිතුර මෙන්න

පසුගිය 30 වනදා කලගෙඩිහේන ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණ සිටියදී ජනතාව විසින් අල්ලා පොලීසියට බාරදෙනු ලැබූ මැරයන් දෙදෙනා දින දෙකක් රෝහල් ගතව සිටි අතර මේ වනවිට ඔවුන් පොලිසියේ අනුදැනුම මත රෝහලෙන් පිටවගොස් ඇති බව වාර්තා වේ.නිට්ටඹුව පොලිසියට භාර දුන් මෙම පුද්ගලයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා පොලිසිය විසින් වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.

පොලිස් ආරක්ෂාව යටතේ සිටි ඔවුන් දෙදෙනා ඊයේ පස්වරුවේ රෝහලෙන් බැහැර කර ඇති අතර ඔවුන් මේ වන විට පොලිස් භාරයේ නොමැති බව වාර්තා වේ.
 පොලිස් භාරයට ගත් මහගෙදර විජයආරච්චිලාගේ රත්මල් අසිත කුමාර විජේරත්න හෙවත් ගේබ්‍රියල් රත්මල් අසිත කුමාර සහ ආනන්ද බණ්ඩාර යන දෙදෙනා පොලිසිය වෙත රැගෙනගොස් කටඋත්තර ලබාගෙන පසුව ඔවුන් දෙදෙනා රෝහල වෙත යවා ඇත. වාර්තාවන ආකාරයට ඔවුන් අත්අඩංගුවට ගැනීමක් හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමක් හෝ සිදු කර නැත.

එම සැකකරුවන් පිළිබඳව පසුගිය 31 වන දා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව ත්, මේ වන විට පැය 72 දෙකකට වඩා වැඩි කාලයක් ගත වී ඇත ත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝ ඇප ලබා දීමට මේ වන තෙක් නිට්ටඹුව පොලිසිය අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඕ.අයි. අබේරත්න මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ, සැකකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා වෙනත් රෝහලකට මාරු කර යවා ඇති බව ත්, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට මේ වන විට පැමිණිල්ලක් ලැබී නොමැති බව ත් ය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී හේමාල් මෙන්ඩිස් මහතා පැවසුවේ, සිද්ධිය වූ දිනයේ දී ම නිට්ටඹුව පොලිසියේ ඔවුන් පිළිබඳව පැමිණිල්ලක් කළ බව ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements