Featured News

Video Gossip

Advertisement

මගේ ජීවිතයට ආදරය ඕන. මම ආදරයට ගොඩක් ආදරේ කෙනෙක් 
මම ආයෙ කවදාවත් ආදරේ කරන්නෙ නැහැ
ආයෙ බඳින්නෙ නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක්

දෙමව්පියන්ගේ අඩිපාරේ යමින් කලා ලොවට පා තැබූ රයිනි චාරුකා අද වන විට රටම හඳුනන ගායිකාවක්.

අවුරුදු හතකට පස්සෙ රයිනි එළිදක්වපු ‘කළුවරට බය හින්දා’ ගීතය පසුගිය කාලයේ බොහෝ දෙනකුගේ කතාබහට ලක් වුණා.

ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන් ඇය අද ගෙවන ජීවිතය ගැන මේ විදිහට හඬ අවදි කළා.

රයිනි කොහොමද වැඩකටයුතු?

මම පසුගිය සැප්තැම්බර් මාසෙ පටන් එක දිගට විදේශ රටවල ප්‍රසංගවලට සහභාගී වෙනව. වෙනත් නිර්මාණයක් කරන්න කාලයක් ලැබුණෙ නැහැ.

වැඩිපුර කාලය ගෙවෙන්නෙ විදේශ සංචාර වලට?

ඔව් ඇත්තටම ලංකාවෙ රැඳෙන්න කාලයක් නැති තරම්. මේ අවුරුද්දටම සති දෙකයි මේ වන විට මම ලංකාවෙ රැඳිල තියෙන්නෙ.

ලැබෙන ප්‍රතිචාරවල වෙනසක් තියෙනවද?

ලංකාවට වඩා ටිකක් වෙනස් ප්‍රතිචාර ලැබෙනව. ඒකට හේතුව තමයි අපේ රටේ ප්‍රසංගයක් පවත්වද්දි කලාකරුවො පහක් හයක් හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් සහභාගී වෙනව. එතනදි එක එක්කෙනාට කැමති රසිකයො සහභාගි වෙනව. නමුත් විදේශ රටවල ප්‍රසංගයක් පවත්වද්දි එහෙම වෙන්නෙ නැහැ. මේව සෝලෝ කොන්සර්ට්. බොහෝ දුරට තනි කෙනෙක් හෝ දෙන්නයි. එතනදි ප්‍රේක්‍ෂකයා එන්නෙ මං වෙනුවෙන්.

පසුගිය කාලයේ රයිනිගෙ නිහඬ බවක් පෙනුණා?

අලුත් නිර්මාණ කරනව කිව්වට කරන්නම්වාලෙ කරන්නත් බැහැනෙ. බොහෝ දෙනෙක් ලස්සන ගීත එවනව. තනු එවනව. නමුත් ඒවා බලද්දි මට දැනෙනව මට වැඩිය හොඳට වෙන කෙනෙක් ඒක කරයි කියල. බොහෝ වෙලාවට මගෙ හිතට ආපු කෙනාට ඒ ගීත යොමු කරනව.

ලංකාවේ ප්‍රතිචාර මොන වගේද?

ඇත්තම කිව්වොත් ලංකාවේ ප්‍රේක්‍ෂකයන් ප්‍රතිචාර දක්වන විදිහ ගොඩක් වෙනස් වෙලා තියෙනව. ඒක ඇත්තටම ලස්සනයි. එහෙම වෙනකොට අමතරව වුණත් ඔවුන් වෙනුවෙන් ගීත ගායනා කරන්න අපිට පුළුවන්.


ඔබත් සනුක එක්ක ගීතයක් කළා?

ඔව්” මම සනුක එක්ක 2017 වසරේදී ගීතයක් කළා. නමුත් තවම එළිදක්වන්න ලැබුණෙ නැහැ. ඒක නම් කළේ ‘ප්‍රේමලන්තය. කියල. අපිට ඕන වුණේ හොඳ වීඩියෝ එකක් කරන්න. නමුත් ඒ කාලෙත් බජට් එක ලක්‍ෂ තිහක් විතර වුණා. එතනදි අපිට තීරණයක් ගන්න සිදු වුණා මේක කරනවද නැද්ද කියල. බොහෝ දුරට ලබන වසරේ අපේ රසිකයන්ට තිළිණ කරන්න බලාපොරොත්තු වෙනව.


ජීවිතේ ගෙවී ගිය තැන් ඔබ අද කොහොමද දකින්නෙ?

ජීවිතේ ගැන මීට වඩා පරිස්සමින් තීරණ ගන්න තිබුණ කියල අද මට හිතෙනව. ඒ කාලෙ පෙනි පෙනී දැන දැනම තමයි සමහර තීරණ ගත්තෙ. වයසත් එක්ක යම් යම් දේවල් තේරුම් යද්දි අපි කාට වුණත් හිතෙනව අපරාදෙ මෙහෙම දෙයක් කළේ කියල. ඒ දේ නොකර හිටියනම් හරි කියල වගේ දේවල්. නමුත් මම ජීවිතේ ගැන පසුතැවෙන්නෙ නැහැ. මොකද මම කැමති නැහැ මගේ ජීවිතේ ගැන ඒ විදිහට දකින්න. ජීවිතේ හැම අවස්ථාවකින්ම අපිට යම් දෙයක් ඉගෙනගන්න ලැබෙනව. මටත් ඒක පෙර පුහුණුවකට ලැබුණ අවස්ථාවක් කියල හිතල අද මම ගොඩක් සතුටින් ඉන්නව.

රයිනි ආදරයෙන් ඈත් වෙලාද?


නැහැ. අනිවාර්යයෙන්ම මට ආදරේ ඕන. මගේ ජීවිතයට ආදරය ඕන. මම ආදරයට ගොඩක් ආදරේ කෙනෙක්. මම ආයෙ කවදාවත් ආදරේ කරන්නෙ නැහැ ආයෙ බඳින්නෙ නැහැ කියල කිව්වොත් ඒක බොරුවක් වෙනව. එක දෙයක් නිසා මට පුංචි බයක් තියෙනව. ඒ හැරෙන්න වෙන දෙයක් නැහැ. මම ආදරවන්තියක් වෙනව අනිවාර්යයෙන්ම. මට ආදරය ඕන.

මේ වන විටත් ආදර යෝජනා එනව?

ආදර යෝජනා එක එක විදිහෙ අයගෙන් එනව. සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වගේම ඉහළ තත්ත්වයේ අයගෙනුත්. නමුත් එහෙම යෝජනා ආවට මම කැමති වෙන්න නැහැ. මටත් ඒ අය ගැන හැඟීමක් දැනෙන්න ඕනනෙ.


රඟපෑමට ආරාධනයක් ලැබුණොත්?

එහෙම ආරාධනයක් ලැබුණොත් භාරගන්නව. චරිතය හොඳ නම් ගැළපෙනව නම් කරන්න පුළුවන් කියල හිතෙනව නම් භාරගන්නව.

මහේෂ් එදිරිසිංහ
දිවයින පුවත්පත 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements