Featured News

Video Gossip

Advertisement

මම කෑ ගැහුවා - රයිනි අමතක කරන්න බැරි මතකයක් ගැන කාටවත් නොකී කතාවක් ප්‍රසිද්ධියේ හෙලි කරයි 

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි රයිනි චාරුකා ගුණතිලක කියලා කියන්නේ. ඉතින් කවුරුත් ආදරය කරන ආදරණීය ප්‍රවීණ ගායන ශිල්පීන් යුවලක් වන රූකාන්ත චන්ද්‍රලේකා යුවලගේ ආදරණීය වැඩිමහල් දියණිය තමයි රයිනි කියලා කියන්නේ.

. කලකට ඉහත රූකාන්ත සහ චන්ද්‍රලේඛා යුවළට දේශපාලනය නිසා බොහෝ දුක් විඳින්න ට වුණා. ඒ හේතුව නිසාම ඔවුන් කලක් අමරිකා එක්සත් ජනපදයේ ද පදිංචියට ගියා.
එදා රූකාන්ත සහ චන්ද්‍රලේඛා යුවළගේ හිසකේ කපමින් අමානුෂික වද බන්ධන දුන් හැටි දකින්නට තරම් රයිනි ත් අවාසනාවන්ත වුණා. ඒ වන විට කුඩා අවධියේ සිටි ඇය මැරවරයින් නිවසට පැමිණෙන විටත් පාසල් වැඩ කරමින් සිට තිබෙනවා. මේ එදා දවසේ මතක ගැන රයිනිගේ මතක ආවර්ජනය.

"ආයේ කෑ ගහනවා ඇහුණා. එබිලා බලනකොට මම දැක්කා අම්මගේ කොණ්ඩේ කපනව. තාත්තගෙත් කොණ්ඩේ කපනවා. අම්මා මෙහෙම අල්ලන් හිටියා කොණ්ඩේ. මම ආයෙ බලද්දි පෙට්‍රල් හරි ඩීසල් හරි ඔලුවට හලනවා. එතැන ගොඩක් සද්දයි. වොකී ටොකී එහෙමත් ඇහෙනවා. පස්සෙ එකපාරම මම කෑ ගැහුවා. පෙට්‍රල් දැම්මා කියන්නෙ, ඊළඟට වෙන්නෙ ගිනි තියන එක කියලා මම දන්නවා. මම කෑ ගැහුවා.එළියේ කවුරු හරි කිව්වා ඔය ළමයගේ කට වහන්න කියලා..."

"මේ දේවල් වලින් පස්සෙ තාත්තා ගොඩක් කළකිරුණා. ඒ නිසාමයි එයා අපිවත් අරන් රට ගියේ.. තාත්තා දේශපාලනය තෝරගත්තෙ සේවයක් කරන්න.."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements