Featured News

Video Gossip

Advertisement

උමන්දාවේ සිරි සමන්තභද්‍ර හිමි උපන්දිනය සැමරූ හැටි
[PHOTOS]

මැල්සිරිපුර උමන්දාව මහා විහාරස්ථානයේ ‍විහාරිධිපති සිරි සමන්තභද්‍ර හිමි ගේ අවබෝධයෙන් 12 වැනි වූ ජන්ම දින සමරන නවම් මංගල්‍යයට සමගාමීව පසුගියදා එනම් පෙබරවාරි 23 වැනිදා තවත් පිංකම් රාශියක් උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේදී පැවැත්වුණා.
 
එහිදී දහසක් බුද්ධප්‍රතිමා සංකල්පය යටතේ ඉදිකෙරුණු ප්‍රතිමා වහන්සේලා විවෘත කිරීමෙන් පසුව සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ විසින් සද්ධර්ම ප්‍රවර්ථනය සිද්ධකරන්නට යෙදුණා..

එලෙසම, උත්පලවර්ණ ශ්‍රී විශ්ණු ශාන්ති මණ්ඩපයේ වැඩ සිටින,
 
ධර්මය යුක්තිය හා සත්‍ය පිහිටුවීමට මහා විශ්ණුන් වහන්සේ විසින් කිරි සයුරේ සිට මහා පෘතුවියේ අවසානය සනිටුහන් කරමින් වැඩමවන දසවෙනි අවතාරය වන කල්කී අවතාරය වෙනුවෙන් මහ පූජාව පැවැත්වූ අතර ප්‍රතිමා ප්‍රදර්ශනය පැවැත්වුනා.
 
ඉන්පසුව යෙදුණු, දෙවොල්, ගලේබණ්ඩාර හා පත්තිනි යන දේව ප්‍රතිමා විවෘත කිරීමට සමගාමීව
කිරි අම්මාවරුන් සිය දෙනෙක් සඳහා කිරි දානය ලබාදෙනු ලැබුවා. ඒ අතරම පැමිණි සියලුදෙනාහට දේවදානයද ලබාදීම සඳහා සියළු කටයුතු සූදානම් කොට තිබුණා.
 
අවසානයේ දෙවියන් උදෙසා රැය පහන්වනතුරු සංස්කෘතික සංදර්ශනයක්ද පැවැත්වුනා.
විශේෂයෙන් මේ සඳහා ක්‍රීඩා අමාත්‍ය රොශාන් රණසිංහ මහතාද සහභාගී වී තිබුනා


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements