Featured News

Video Gossip

Advertisement

අපේ අම්මා ආයෙත් විවාහයකට යනවට මගෙයි නංගිගෙයි කිසිම විරුද්ධත්වයක් නෑ
කේ. සුජීවගේ දුව අංජලී

කේ. සුජීවා කියන්නේ වර්තමානයේ වැඩි වශයෙන්ම කතාබහට ලක්වන ආදරණීය ගායන ශිල්පිනියක්. ඇයට කවුරුත් ආදරය කරන්නේ ඇයගේ තිබෙන අව්‍යාජ ගති පැවතුම් නිසාමයි. 

ප්‍රසංග වේදිකාව තුළ නැතිවම බැරි චරිතයක් වන සුජීවා මෑතකදී ඇගේ අලුත්ම ගීතය නිකුත් කරනු ලැබුවා. ඒ සඳහා ඇයට ලැබුනේ ඇයවත් නොසිතූ තරම් ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්.

සමාජ මාධ්‍ය තුළ ඉතාම සක්‍රීය චරිතයක් වන කේ.සුජීවාගේ ආදරණීය දියනියන් දෙදෙනාගෙන් ලොකු දුව අංජලීත් පොඩි දුව රෝස් ගායනයට හපන්කම් දක්වන දෙදෙනෙක්. ඉතින් කේ.සුජීවා ගැන මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන වීඩියෝවක් ගැන කවුරුත් කතා බහ වෙනවා. ඒ වගේම ඒ සිදු වුණු අවස්ථාවේ ගායිකා කේ. සුජීවාගේ මුවින් කියවුණු වචනයක් හේතුවෙන් ඔවුන් ගීතයක්ද පසුගිය දා එලිදක්වලා තිබුණා.ඉතින් සමාජ මාධ්‍ය හරහා කාගේත් විවේචනයට ලක් වුණු k. සුජීවා ඇතුළු පවුලේ පසු ගිය දා සහභාගි වුණු මාධ්‍ය සාකච්ඡාවකදී අංජලී ඇගේ අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” අපේ අම්මා කැමතියිනම් ආයෙත් විවාහයකට යනවට මගෙයි නංගිගෙයි කිසිම විරුද්ධත්වයක් නෑ. මොකද අපේ අම්මට තියෙන අඩු පාඩු මොනවද. එයාට තව කසාදයක් කරගන්න ඕනතරම් සුදුසුකම් තියෙයි.

 එයා කැමතියි නම් අපිත් කැමතියි. මොකද එයාට එයාගෙ කියලා ජීවිතයක් තියෙන්න ඕන.

ඒක එයා තීරණය කරගන්න ඕනනේ.”

මේ විදියටයි කේ. සුජීවගේ දුව අංජලී ඇගේ අම්මා ගැන අදහස් දක්වලා තිබුණේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements