Featured News

Video Gossip

Advertisement

එයා එක්ක මට පොල් සම්බෝලයි බතුයි කාලා ජීවත් වෙන්න  සූදානම් - හර්ෂි රසාංගා සැමියා ගැන කියූ දේ

ළංවී” හි “අපූර්වා” ලෙසින් කවුරුත් දැන අඳුනන සුරූපී නිළි හර්ෂි රසාංගා සමාජ මාධ්‍යයෙත් ක්‍රියාකාරී චරිතයක්.
 
ළමා රංගන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රයට ඇවිත් අද වන විට සම්මානනීය රංගන ශිල්පිනියක් වුණු ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී හර්ෂි රසාංගා.
හර්ෂි රංගනය කල ටෙලිනාට්‍යය වලට ප්‍රේක්ෂකයන් බෙහෙවින්ම ආදරය කලා. ඉතින් සමාජ මාධ්‍ය හරහා වැඩි කතා බහට ලක් වුණු හර්ෂි රසාංගාගේ විලාසිතාවලට ප්‍රේක්ෂකයන් බෙහෙවින් ප්‍රිය කරනවා.

ඒ වගේම සමාජ මාධ්‍ය තුළින් විවිධ චෝදනාත් ඇයට අහන්නට ලැබෙනවා. ඒ ඇගේ ටැටූ විලාසිතා නිසා හර්ෂිට ගොඩ දෙනෙක් විවිධ චෝදනා යොමු කරනවා.

හර්ෂි ගැන මෑතකදී කවුරුත් කතා බහ කලේ ඇගේ විවාහ ගිවිස ගැනීම නිසයි. ඇය විවාහ වුණේ මහේන් සමගයි. ඔහු ක්ශේෂ්ත්‍රයේ කෙනෙක්නම් නෙමෙයි. ඉතින් හර්ෂි ඇගේ පෙම්වතා ගැන මේ විදියටයි මාධ්‍ය සාකච්ඡාවක් තුළදී අදහස් දක්වලා තිබුනේ.

” මගේ පළවෙනි එෆෙයාර් එක නැවතුනාම අපේ අම්මා මට කිව්වේ ආදරය තියෙන කෙනෙක් ළග නවතින්න. එහෙම නැතුව සල්ලි තියෙන මිනිස්සු හොයන්න එපා කියලා.

 අපි මහ ලොකු සල්ලි කාරයෝ නෙමෙයි. මම පොලවෙ පය ගහලා ජිවත් වෙන්න පුලුවන් කෙනෙක්. ඉතින් මහේන් කෝටි පතියෙක් නෙමෙයි. එයත් අපි වගේ සාමාන්‍ය පවුලක කෙනෙක්. එයා මහන්සි වෙලා හම්බකරගන්න කෙනෙක්.

බැරි වෙලාවත් හරි එයා එක්ක මට පොල් සම්බෝලයි බතුයි කාලා ජීවත් වෙන්න මම ඒ දේට සූදානම්. මට මහේන් එක්ක ජීවත් වෙන්න පුලුවන් කියලා තේරුන නිසා කසාද බැන්දේ. එහෙම නැතුව අපි නැකතක් වත් බැලුවෙ නෑ.”

මේ විදියටයි හර්ෂි රසාංගා ඇගේ අදහස් දක්වලා තිබුනේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements