Advertisement

සර් ඔහොම කිව්වත් පක්ෂය දාලා යන්නේ නෑ
බැසිල් ලීක් කර ගනියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අතර උණුසුම් වචන හුවමාරුවක් ඊයේ (මාර්තු 23) සිදු වී ඇති බව වාර්තා වේ.

පළාත් පාලන ආයතනවල සභිකයන් නම් කිරීම පිළිබඳ මෙම උණුසුම් වචන හුවමාරුව සිදුව ඇති අතර සමන්ලාල් ප්‍රනාන්දු මොරටුව විනාශ කළ බව ද තමා නම් කළ අපේක්ෂකයන් 6 දෙනෙකුට නාමයෝජනා හිමිව නැති බව ද ඊට මොරටුව උපනගරාධිපති සිටින බව ද ඔවුන් පක්ෂයෙන් එළවීමට සමන්ලාල් ප්‍රනාන්දු ක්‍රියාකර ඇති බව ද බැසිල් රාජපක්ෂ චෝදනා කළේ ය.
මෙලෙස චෝදනා කිරීම පිළිබඳ ස්තූතිය පළ කළ සමන්ලාල් ප්‍රනාන්දු පවසා ඇත්තේ, “සර් ඔහොම කිව්වත් පක්ෂය දාලා යන්නේ නැති” බව යි. එවිට බැසිල් රාජපක්ෂ පවසන්නේ, “දාල යන්න නොව සමන් ගියා නම් පක්ෂයට හොඳ” බවයි.

පසුගිය මැයි 9 දින අරලිය ගහ මන්දිරයට “එපා කියද්දීත් ජනතාව රැගෙන ආවේ” සමන්ලාල් බව ද එම නිසා තම පාක්ෂිකයන්ට බේරේ වැවේ ඔබා පහර දුන් බව ද මහින්ද රාජපක්ෂ මහතා ද එසේ ජනතාව ගෙන්වන්න එපා කියා තිබියදී “මෙම විනාශය සමන්ලාල් ප්‍රනාන්දු සිදු කළ බව” ද “තවමත් එම ජනතාව උසාවි යන්නේ සමන්ලාල්ලා කළ ක්‍රියා නිසා” යැයි ද මෙහිදී බැසිල් රාජපක්ෂ තදින් කියා සිටියේ ය.

අප්‍රේල් 1 වන දා බැසිල් රාජපක්ෂ සමග එකට රැස්වීමක සිටි නිසා තමාට ද ගුටි කෑමට සිදුවූ බ වද මෙහිදී සමන්ලාල් ප්‍රනාන්දු බැසිල් රාජපක්ෂට පැවසූ අතර “තමුන් ගුටිකෑවේ තමුන්ගේ ඕනකමට” යනුවෙන් බැසිල් රාජපක්ෂ පැවැසීය.

මොරටුව යනු ස්ථීරව ම දිනන කොට්ඨාසයක් ලෙස පැවැසූ අපේක්ෂකයාට ද නාම යෝජනා නොදීමට සමන්ලාල් ප්‍රනාන්දු ක්‍රියා කර ඇති බව බැසිල් රාජපක්ෂ මෙහිදී චෝදනා කළේ ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන නියෝජිතයන්ගේ හමුවක් පැවැති අවස්ථාවේ මෙම උණුසුම් වචන හුවමාරුව සිදු වී ඇත.
 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements