Featured News

Video Gossip

Advertisement

මම මේ වෙනකොට ලිවින් ටුගෙදර් ඉන්නේ
අම්මනම් කියනවා දැන් විවාහ වෙන කාලේ හරි ඉක්මනට කසාද බදින්න කියලා 
මියැසි සන්දීපනී කියන හතර බිහිරි කතාව

බොහොමයක් මියුසික් වීඩියෝස් හරහා අපේ රටේ ජනප්‍රියත්වයට පත්වන නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් තමයි මියැසි සන්දීපනී කියන්නේ.විශේෂයෙන්ම ඇය අනුශ්ක උදානගේ music videos හරහා තවත් බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්වුණා.ඒ වගේම ඇය සමාජ මාධ්‍ය ඔස්සේද ඉහළ රසික පිරිසක් ලබා ගෙන සිටින අතර ජීවිතේ ඉතාමත් සැහැල්ලුවෙන් විනෝදයෙන් යුතුව ගත කරන අයෙක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්.

ඇය මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යය හරහා අපේ ආලින්දයට එනවා. ඉතින් පසුගිය දවසක යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්චාවකට සහභාගී වූ ඇය තම අතීතය මේ විදිහට මතක් කර තිබුණා.
“මම පොඩි කාලේ ඉඳන් ගොඩක් තනියම හැදුනේ.මගේ අම්මා රට ගිහින් හිටියේ.මං ගොඩක් පොඩි කාලෙදි තමයි අම්මා රට ගියේ.මම එතකොට හැදුනේ වැඩුනේ අම්මගෙ අක්කා එක්ක.මම එයා තමයි මගේ අම්මා කියලා හිතාගෙන හිටියේ.මම හිතාගෙන හිටියේ මට අම්මල දෙන්නෙක් ඉන්නවා කියලා.ඒ කෙනෙක් ලොකු අම්මා අනිත් එක්කෙනා අත්තම්මා.

පස්සෙ මම තේරුම් ගත්ත ලොකු වෙනකොට.එතකොට නං ටික ටික මට දුක හිතෙන්න ගත්තා.මොකද පිට අය ළඟ හැදෙනකොට ප්‍රශ්න ඉතින් කොහොමත් එනවනෙ.මගේ අම්මා තාත්තා නැති අඩුපාඩුව නම් මගේ ජීවිතයෙ මට සෑහෙන්න දැනිලා තියෙනවා. ඉස්සර මම ගොඩක් music, dancing කරපු කෙනෙක් එතකොට ඉස්සර උත්සව වලට එහෙම ගොඩාක් සහභාගි වුණා. අනිත් ලමයින්ගේ අම්මලා තාත්තාලා ඒවාට සහභාගී වෙනකොට වෙන කොට මගේ අම්මයි තාත්තයි නැති වෙනකොට මට ගොඩක් දුක හිතුණා.නමුත් මම කිසිම කෙනෙක්ට ඒ දුක ගැන කියන්න යන්නෙ නැහැ.”

ඉතින් ඒ වගේම මේ දිනවල ජනප්‍රිය ලිවින් ටුගෙදර් සංකල්පය ගැනත් ඇය මේ විදිහට පැවසුවා. “මම දකින විදියට ඒකේ කිසි වරදක් නෑ. මොකද අපි නොදන්න කෙනෙක් එක්ක එක පාරටම ජීවත් වෙන්න අමාරුයිනේ. ඊට පස්සේ තමයි නිකම් ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා කලින් එකට ඉදලා විවාහ වෙන්න සුදුසුයිනම් විවාහ වෙන එක හොදයි කියලා මම හිතන්නේ. මේක මගේ පෞද්ගලික මතය. මම මේ වෙනකොට ලිවින් ටුගෙදර් ඉන්නේ. මට දැන් අවුරුදු 28ක්. අම්මනම් කියනවා දැන් විවාහ වෙන කාලේ හරි ඉක්මනට කසාද බදින්න කියලා.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements