Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

සමහරු මට සම්පූර්ණයෙන්ම උදව් කළා කියල කරන බොරුවෙන් 
ඇත්තටම මගේ ප්‍රතිකාර සදහා ලැඛෙන්න තිඛෙන සුළු මුදලත් නැතිවෙනව - සසන්තා චන්දමාලි

''ඔව්….. මම සුවෙන් දෝණිගෙත් සැමියගෙත් විරෝධය මැද අලූත් ටෙලියක වැඩ'' නවලියත් එකක් කවදත් ලෙංගතු කලා ලොවේ කඳුළු බිංදුව නම් වූ ඒ අහිංසාකාවිය ගිය අවුරුද්දෙ ඒ කියන්නෙ 2022 ජනවාරි 31 වැනිදා පළවූ නවලිය පුවත්පතට ස්ථීරසාර හඬින් එහෙම කිව්වා.අනේ කොච්චර හොඳද එයාව දෙවියො බේරුවා දෙවියන්ට පිං සිද්ධ වෙන්න ඕන. සුසන්තා චන්ද්‍රමාලිට ආදරය කරන සුවහසක් රසිකයන් කිව්වෙ ඇය ගැන උපන් ස්නේහයෙන්. ඒ සතුට ඇගෙත් අපෙත් හිත්වල සැරිසැරුවෙ අවුරුද්දක විතර කෙටි කාලයක් පසුගිය ජනවාරි මාසෙ මුල් සතිය වෙද්දි ඒ අහිංසකාවියට කඳුළු බිංදුවට දෙවෙනි වතාවටත් පිළිකා රෝගී තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියන අසුබ ආරාංචිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරෙන්න පටන් ගත්තෙ විදුලි වේගයෙන්. ඒ ආරංචියේ ඇත්ත නැත්ත හොයන්න කඳුළු පිරි දෙනෙතින් එකතු වුණු ආදරණීය රසික ප්‍රජාවට නවලියත් එකතු වුණා.මේ කතාව ඇත්තක්ද

ඔව් ඒක ඇත්තක්. 2020 අවුරුද්දෙ තමයි මම පිළිකා රෝගයට ගොදුරු වෙලා කියලා මුලින්ම දැනගත්තෙ. එදා ඉඳලා මේ තාක් ඒ රෝගයෙන් මිදෙන්න අවශ්‍ය කරන හැම පරීක්ෂණයක්ම කරල අවශ්‍ය ඖෂධ ලබාගෙන ඒ ප්‍රතිකාර කටයුතු ඉතාමත් හොඳින් සිදුකෙරුණා. අන්න ඒ නිසා මම හොඳටම සුවපත් වෙලා නැවත රංගන කටයුතුවලටත් සම්බන්ධ වුණා. මොන දේ කළත් අදාළ වෛද්‍ය සායනවලට යන එක වෛද්‍ය පරීක්ෂණවලට සහභාගී වෙන එක මම නැවත්තුවේ නැහැ.

දෙවැනි වතාවටත් රෝග ලක්ෂණ මතු වුණා

එදා ඉඳලම බොහෝ පරීක්ෂණවලට භාජන කරමින් මගේ සියලූ ප්‍රතිකාර අපේක්ෂා රෝහලේ වෛද්‍යවරු සීයට සීයක් නෙමෙයි සීයට දෙසීයක් ඉතා හොඳින් සිදු කළා. සමහර වෙලාවට බේත් හේත් ටික පිටින් අරන් දෙන්න වුණා. රෝගී තත්ත්වය ගැන හරි අවබෝධයකින් කටයුතු කරපු නිසා දෙවැනි වතාවටත් මට ඒ රෝගී තත්ත්වයට මුහුණ දෙන්න වෙලා කියල කලින්ම මම දැනගත්තා.

මොනවගේ තත්ත්වයක්ද හිතේ ඇති වුණේ

ජීවිතේ දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන් තරමට මගේ හිත දියුණුයි. නිසි වෙලාවට පරීක්ෂණවලට භාජන වෙලා වෛද්‍ය ප්‍රතිකාර අත්නොහැර හිටපු නිසා දෙවැනි වතාවටත් මම පිළිකා රෝගයට ගොදුරු වෙලා කියලා මම දැනගන්නවා. පෙර සංසාරයේ ඉඳලා එන කර්ම දෝෂයක් බලපාල ඇති මට මෙහෙම වෙන්න. ඒත් මට හිත හදාගන්න පුළුවන් දෙවැනි වතාවටත් කල් නොගිහින් මගේ රෝගී තත්ත්වය වෛද්‍යවරුන්ට හඳුනා ගන්නට ලැබීම ගැන.

සැමියා කුමරු වගේම දියණිය තිසුරි මේ ආරංචිය පිළිගත්තෙ කොහොමද?

දෝණි මේ වෙද්දි එයාගෙ සැමියත් එක්ක විදේශගත වෙලයි ඉන්නෙ. ඒ දෙන්නගෙම උසස් අධ්‍යාපන කටයුතු සඳහා එයාල ගියේ ගිය අවුරුද්දෙ දෙසැම්බර් 29. ඒ ගිහින් සතියක්වත් ගත වුණේ නැහැ ජනවාරි මුල මේ ආරංචිය ලැඛෙද්දි. තිසූ ලංකාවට එන්නම දඟලනවා. හරි අමාරුවෙන් තමයි මම ඒ ගමන වළක්වගෙන ඉන්නෙ. මොකද ඒ දෙන්න එයාලගෙ ජීවිතේ ගොඩනඟා ගන්න ලෑස්ති වුණා විතරනෙ. අනික මම ගැන හොයලා බලන්න කුමරු මගේ අම්ම නංගිල වගේම අපේ පවුල්වල සියලූම ඥාතීන් ඉන්නවනෙ. කුමරුත් ලොකු හිත් වේදනාවකින් ඉන්නවා කියලා මම දන්නවා. ඒත් එයා ඒ කිසි දෙයක් මට පෙන්වන්නෙ නැතුව මාවත් දිරිමත් කරමින් මේ ගමන යනවා.

උදව් උපකාර පවුලෙන්ම විතරද?

අනෙ අම්මෝ නෑ. මේ මුළු ලෝකය පුරා විසිරිලා ඉන්න ආදරණීය හිත්වල උතුරා පිටාර ගලන අපේකම දෙවැනි වතාවටත් මට අද දැනෙනවා. ගිය වතාවෙ මම කාගෙන්වත් සතපහක් නොගෙන ගෙදර අයගෙ උදව්වෙන් තමයි හැමදේම කරගත්තෙ. නමුත් මේ වතාවේ මට ලොකු ඛෙහෙත් අර්බුදයකට මුහුණ දෙන්න වෙලා තියෙන නිසා තමයි මම මේ තත්ත්වෙන් ගොඩ එන්න ලොකු සටනක් කරන අතරතුර ප්‍රතිකාර සඳහා උදව් උපකාර ඉල්ලූවෙ. ඒ සඳහා මට නිරතුරුවම ඔවුන්ගේ ආශීර්වාදය උපකාරය ලැඛෙනවා.

 මුදල් අතින් ඔබ සම්පූර්ණයෙන් නිදහස්


බොහෝ දුරට ඒ දේවල් හොයල බලල විසඳ ගන්නවා. පහුගිය දවස්වල කුමරු එක්ක ජනාධිපති අරමුදලෙන් දීමනාවක් ලබාගන්නත් මම ගියා. ඒත් මනුස්සකම් අතින් බොහොම පහත් මට්ටමක ඉඳගෙන මගේ නම විකුණලා උකස් කරලා තමන්ගෙ ප්‍රසිද්ධිය චැනල්, පේජ් අප් කරගන්න. මම මානසිකව වැටිල ඉන්න තත්ත්වය ගැනවත් හිතන්නෙ නැතුව කටයුතු කිරීම නින්දා සහගතයි.

කෙනෙහලිකම් ෙක‍ෂ්ත්‍රයේ අයගෙන්ම

නම් වශයෙන් කියලා ඒ අයගේ තත්ත්වෙට වැටෙන්න මම කැමති නෑ. හිතා මතා තම තමන් තුළ තියෙනවා කියලා හිතාගෙන ඉන්න බොරු ලොකුකම් හරහා මට සම්පූර්ණයෙන්ම උදව් උපකාර කළා කියල කරන බොරුව වංචාව නිසා ඇත්තටම මගේ ප්‍රතිකාර සඳහා ලැඛෙන්න තියෙන සුළු මුදලක් වුණත් අහිමි වෙන්න පුළුවන්. මේ ළඟදී ප්‍රවීණ ගායිකා චන්ද්‍රිකා සිරිවර්ධන අක්කා මට කතා කරලා ඇහුවා අනේ නංගිි ඔයා වාසනාවන්තයි අවශ්‍ය මුදල් ලැබුණ නේද කියලා. ඒ මේ කලා ෙක‍ෂ්ත්‍රයේ අය කරන නොමග යැවීම් නිසා. කරුණාකරලා අනුන්ගේ ජීවිතත් එක්ක කරන ඔය සෙල්ලම් නවත්වන්න. තමන්ට මෙවැනි තත්ත්වයකට මුහුණ පාන්න සිද්ධ වුණොත් මොකද වෙන්නෙ කියලා හිතල බලන්න.

ප්‍රතිරූපයට හානි

එඩිට් කරලා මමයි දුවයි කරපු උදව්වලට වැඳගෙන ඉන්න ෆොටෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරලා තියෙනවා. රංග ශිල්පිනියක් විදියට කොන්ද කෙලින් තියාගෙන මෙච්චර කාලයක් ගෞරවයෙන් ජීවත් වුණ මම වගේ කෙනෙක් එතෙන්ට දාන්නෙ ඇයි. මම රෝගී තත්ත්වයකට මුහුණ දීපු එක ඇත්ත. මම ඒ තත්ත්වයෙන් ගොඩ එන්න මට ආදරය කරන අයගෙන් උදව් උපකාර ඉල්ලපු එකත් ඇත්ත. ඒත් තම තමන්ගේ චරිත විනාශ කර ගන්නවා වගේ මගෙත් මගේ දරුවගෙත් මහත්තයගෙත් ආත්ම ගෞරවයට අපේ පෞරුෂයට හානි කරන දේවල් කරන්න එපා පටු වාසි බලාගෙන. සමහර පේජ්වල සැවොම හ~වා පිළිකා රෝගයෙන් පෙළුන රටම ආදරය කළ ජනපි්‍රය නිළිය මේ දැන් සමුගනී කියලා මාව මරණයට පත් කරලත් තිබුණා.

මම මැරෙන්න බය නෑ. ඉපදුන කවුරුත් දවසක මැරෙනවා. ඒත් ජීවත් වෙලා ඉන්න පුළුවන්කම තියෙද්දි නිකන් මැරෙන්න ඕන නෑ කිසි කෙනෙක්. ඔය වගේ පෝස්ට් තමන්ගෙ අම්මා අක්කා නංගි වෙනුවෙන් ලියවුණොත් තම තමන්ගෙ හිත්වලට ඒවා කොහොම දැනෙයිද කියලා ඔය දේවල් කරන අය හැමෝම හදවතට තට්ටු කරලා බැලූවොත් හොඳයි. ඔය කිසි කෙනෙක් එක්ක මගේ හිතේ වෛරයක් තරහවක් නෑ. ඒත් මම එවැනි දේවල් කරන අයට කියන්න කැමතියි තමන්ට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න එපා කියලා.

හැමෝමට බොහෝම පිං ස්තුතියි
 

කෙනෙක් රෝගී තත්ත්වයට පත් වෙනවා කියන්නෙ සතුටට කාරණයක් නෙමෙයි. මේ වෙලාවෙ මමත් මගේ මහත්තයා දුව ඇතුළු අපේ පවුල්වල ඥාතීන් ඉන්නෙ හිත් වේදනාවකින්. ඒ නිසා මට කළාට කමක් නෑ ඔය වගේ දේවල් කරලා වෙන කිසිම කෙනෙකුගෙ අසරණ හිත් රිදවන්න එපා කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මම පදිංචි වෙලා ඉන්න කඩුවෙල කොතලාවල සුහද මාවතේ ඉන්න අපේ අසල්වැසියෝ බොහොම සුහදත්වයෙන් මට සලකන විදිය. ගිය පාර වගේම මේ සැරෙත් මම අසනීපයි කියලා දැනගත්ත මොහොත ඉඳලා මට තුන්වේල කන්න බත් ඉඳිආප්ප රොටි පිට්ටු කැඳ වර්ග අතුරුපස ගෙනත් දෙන්නෙ හරියට බුද්ධ පුජාව පිළිගන්වන් වගේ ලොකු භක්තියකින්. අන්න ඒ දෙවල් තමයි කවුරු වුණත් අගය කරන්න ඕන. ඉතින් මේ වෙලාවෙ මං ගැන හොයල බලල කරන මේ හැම උදව්වකටම උපකාරයකටම ඔය හැමෝමට බොහොම පිං ස්තුතියිæ

ධම්මික හේවාවසම්

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook