Featured News

Video Gossip

Advertisement

අපි බඳින්න ආවා - බසයෙන් බැස කසාද බඳින්න තදියම් වී රෙජිස්ට්‍රාර් ළඟට ඇවිත් 
ලෝක හොරකුගෙන් ජීවිතය ‌‌බේරාදීම ගැන ස්තූතියි  රෙජිස්ට්‍රාර්වරයාට තරුණියගෙන් ලිපියත්

කුරුණෑගල බස් නැවතුමේ දී හමු වූ තරුණයකු හා තරුණියක හමුවෙන් දෙපැයක් යන්නට පෙර විවාහ වන්නට දිවුලපිටිය ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයකු සොයා ගිය පුවතක් පසුගිය දා වාර්තා විය.

මාතලේ පෙදෙසේ තරුණිය වෙළෙඳ කලාපයේ සේවය කරන්නියකි. ඇය නවාතැනට එන්නට කුරුණෑගල බස් නැවතුමේ සිටිය දී හමු වූ තරුණයකු හා ඉගි බිගි පාන්නට වූවාය. දෙදෙනා කටුනායක බලා යන බසයට ගොඩවී එකම අසුනකට බරවූයේ ඒ වනවිටත් පැවැති ඇඟෑලුම් කම නිසාය. බසය පිටත්විය. දෙදෙනාට ඒ ගැන වගක් නැත. පෙම් බස් දොඩන්නට වූහ. කොටදෙණියාව පසු කරද්දී තරුණයා ‘‘අපි බඳිමු’’ කියා යෝජනා කළේය. තරුණිය එක පයින් ඊට කැමති වූවාය.කටුනායක බලා යෑම පසෙකලු යුවළ දිවුලපිටිය නගරයේ දී බසයෙන් බැස්සෝය. ත්‍රීරෝද නැවතුමට ගිය තරුණයා එහි සිටියකු හා කතිකා කළේය. රියට ගොඩ වූ යුවළ රැගත් ත්‍රීරෝදය නතර වූයේ විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලයක් අසලය. රෙජිස්ට්‍රාර්වරයා හමු වූ තරුණයා ‘‘අපි බඳින්න ආවායී’’ කියද්දීම ඔහුට දුරකතන ඇමතුමක් ලැබිණි

තරුණයා පසෙකට වී ඇමතුමේ යෙදෙද් දී රෙජිස්ට්‍රාර්වරයා ත්‍රීරෝද රියැදුරාගෙන් යුවළ ගැන විමසීය. ඔහු කීවේ ඔවුන් රෙජිස්ට්‍රාර් කාර්යාලයකට යාමට අවශ්‍ය බව කී නිසා කැඳවාගෙන ආ බවයි.

රෙජිස්ට්‍රාර්වරයා තරුණියගෙන් තොරතුරු විමසුවේ ඉන් අනතුරුවය. ඇය මාතලේ බවත් තරුණයා අනුරාධපුරයේ බවත් පැවසු බව ද ඇය කීවාය. ඇය දෙදෙනා හඳුනා ගත් ආකාරය විස්තර කළේ අනතුරුවය.

මෙසේ හදිසි විවාහයකට යොමුවීමෙන් සිදුවිය හැකි අනර්ථකාරි තත්ත්වය ගැන රෙජිස්ට්‍රාර්වරයා තරුණියට කරුණු කාරණා පැහැදිලි කර දෙද්දී තරුණිය සිටියේ කඳුළු පිරි දෙනෙතින් යුතුවය. එමෙන්ම දෙදෙනාගේ පදිංචි කෝරළයන් වෙනස් වන නිසා විවාහය ලියා පදිංචි කිරීමේ නොහැකියාව ද තේරුම් කර දුන්නේය.

ඇමතුම අවසන් කර පැමිණි තරුණයාගෙන් ද තොරතුරු විමසූ රෙජිස්ට්‍රාර්වරයා තමන්ට මෙම විවාහය ලියාපදිංචි කිරීමට ඇති නීතිමය නොහැකියාවන් පැවසීමෙන් පසු දෙදෙනාම යළි රියට ගොඩවී පිටත්ව ගියහ.

දින කිහිපයකින් රෙජිස්ට්‍රාර්වරයාට ලැබුණු ලිපියකින් කියවුණේ තමන්ගේ ජීවිතය බේරා දීම ගැන ස්තුතිවන්ත වන බවය. හදිසියේ හමු වූ පෙම්වතා ලෝක හොරකු බවට හෙළි වූ යැයි ද ලිපියේ සඳහන් කර තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements