Featured News

Video Gossip

Advertisement

දෑත් සහ දෙපා ගැට ගසා බිරිඳ නිරුවත් කර කූඩැල්ලන් සහ පණුවන් ශරීරයට ඇතුල් කරලා

සිය බිරිඳව නිරුවත් කොට ඇයගේ දෑත් සහ දෙපා ගැට ගසා කොච්චි මිරිස් තලා තලපයක් කර ඇගේ ලිංගිය හරහා ශරීරයට ඇතුළු කළ බව කියන සැමියකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ අරඹා ඇතැයි පාදුක්ක පොලිසිය පවසනවා.

පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සිව්දරු මවක් පාදුක්ක පොලිසියේ ළමා හා කාන්තා කාර්‍යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්.එස්.ඒ. පත්මා මහත්මිය වෙත සිදු කළ පැමිණිල්ලක් මත මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.බීමත්ව පැමිණෙන තම සැමියා දෑත් දෙපා ගැට ගසා කූඩැල්ලන් හෝ පණුවන් රැගෙනවිත් තම ශරීරයට ඇතුළු කරන බවත් එයින් තමන්ට දැඩි වේදනාවක් දැනෙන බවත් ඇය පවසා තිබෙනවා.

එලෙස කිරීමට අවස්ථාව නොදුන් විට අමානුෂික ලෙස පහර දෙන බවත් එම කාන්තාව සිදුකල පැමිණිල්ලෙහි සදහන් වන බවයි පොලිසිය පවසන්නේ.

මෙම අමානුෂික වද හිංසා 11 හැවිරිදි දියණිය ඉදිරිපිට පැමිණවීම හේතුවෙන් දියණිය දැඩි අපහසුතාවයට පත් ව සිටින බවත් තමන්ට මාස හතරක අත දරුවකු ද සිටින බවත් අදාල කාන්තාව වැඩිදුරටත් පවසා තිබෙනවා.

කාන්තාව ප්‍රතිකාර සදහා පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කළ බවත් ප්‍රතිකාර කටයුතු නිමවීමෙන් පසු ඇයගේ සහෝදරියක සහ දරුවන්ද සමගින් අනුරාධපුරය ප්‍රදේශයේ පිහිටි තම මව්පියන් ගෙ නිවස වෙත යාම සදහා පාදුක්ක පොලිසියේ සේවයේ නිරත පොලිස් නිළධාරීන් එක්ව මුදලක් එකතු කර ඇයට ලබා දීමට කටයුතු කළ බවත් පාදුක්ක පොලිසිය සඳහන් කළා.

සැකකරු රියදුරකු ලෙස කටයුතු කරන අයකු බවත් ස්ථිර රැකියාවක් නොමැති බවත් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවත් පාදුක්ක පොලිසියේ උසස් නිළධාරියෙකු කියා සිටියා.

පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්‍යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පද්මා මහත්මිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements