Featured News

Video Gossip

Advertisement

ඛනිජ තෙල් ගබඩා පර්යන්තයට හමුදාව කඩා පනියි ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා ආරක්ෂක අංශවල සහාය 

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීම සඳහා ආරක්ෂක අංශවල සහාය ලබාගන්නා බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලාසිටියේ ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාවට කලබල නොවන ලෙසය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ එහි ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ සේවකයින් ඇරඹු වැඩවර්ජනයක් හේතුවෙන් ඉන්ධන සැපයුමට යම් බාධා ඇතිවුවද එය මේ වනවිට යථාතත්ත්වයට පත්ව ඇති බවය.එසේම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉන්ධන සංචිත ප්‍රමාණවත් තරම් රටතුළ පවතින බවය.

මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉන්ධනහල් අසළ යම් පොළිම් නිර්මාණය වීමක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් පැවසීය.

මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය ද නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, කිසිදු ඉන්ධන හිඟයක් රට තුළ නොමැති බවය.

මේ හේතුවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා අනවශ්‍ය ලෙස ඉන්ධන පිරවුම්හල් අසළ පෝලිම්වලට රැස් නොවන ලෙසටද ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements