Featured News

Video Gossip

Advertisement

මට මොකක් හරි ප්‍රශ්නයක් තිබුණත් මට ඒ ගැන හිතන්න දුව ඉඩක් දෙන්නේ නැහැ
සැමියා අමල් ගැන නොකියා ශිරෝෂි රොමේෂිකා කියූ කතාව 

හිරෝෂි රොමේෂිකා කියන්නේ කාලයක් පුංචි තිරයට නැතුවම බැරිවුණ චරිතයක්. කාලයක් ඇය ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්ව සිටියා, හිරෝෂි මුලින්ම කරලියට පැමිණෙන්නේ ඩාන්සින් ස්ටාර් තරඟයෙන්, පසුව ඇය ලංකාවේ අංක එකේ ගායකයෙක් වන අමල් පෙරේරා සමග යුග දිවියට එළඹුනා. දැන් ඇය මවක්. හිරෝෂි වැඩිපුරම කාර්යබහුල වෙලා තියෙන්නේ දරුවා නිසා කියලයි ඇය මාධ්‍යට කියල තිබුනෙ.

ශිරෝෂි රොමේෂිකා ගැන පසුගිය සමයේ කතාබහක් ඇතිවුණේ ඇය හදිසියේ මුහුණ දුන් අනතුරක් නිසා. නමුත් එම අනතුරින් දිවි ගලවා ගැනීමට ඇය වාසනාවන්ත වුණා.
පුංචි දුවණියකගේ අම්මා කෙනෙක් වන ශිරෝෂි, ඇගේ දියණිය ගැන මෙන්න මේ විදිහට පුවත්පතකට කරුණු කියා තිබුණා.

"දුව තමයි මගේ හොඳම ප්‍රේක්ෂිකාව. මම ඇඳුමක් අඳිද්දී වුණත් ඒකේ අඩුපාඩු කියන්නේ එයයි. ප්‍රසංගයකට හෝ වෙන යම් උත්සවයකට මම සහභාගි වෙද්දී "දෝණි මේකට මැච් වන සපත්තු මොනවද" කියල අහද්දී එයා ඒකට ගැලපෙන එකක් තෝරලා දෙනවා.

ඇඳුමක් ඇඳලා "මේක ලස්සනද කැතද" කියල අහද්දී "මේක හරියන්නේ නැහැ නේද...?" කියලා කියනවා. එයා ලස්සනට අඳින්න හරි ආසයි. ‍මේක්අප්වලට ආසයි. ඒ ඉතින් මම කරන දේ බලාගෙන ඉඳලා වෙන්න ඇති. මගේ මුළු ලෝකයම එයයි..."

"මට මොකක් හරි ප්‍රශ්නයක් තිබුණත් මට ඒ ගැන හිතන්න එයා ඉඩක් දෙන්නේ නැහැ. උදේට නැගිට්ට වෙලාවේ ඉඳලා එයා කියවනවා. එයා ක්‍රියාශීලී දරුවෙක්. වෙලාවකට ඒ ක්‍රියාශීලීකම වැඩිද කියලත් මට හිතෙනවා. එයා ඉන්න තැන පාළු නැහැ. එයා burger කන්න ආසයි.

ඉතින් අපි දෙන්න සමහර දවස්වලට එළියට ගිහින් burger කනවා. ඇඳුමක් ඇඳගෙන දෙන්නා නටනවා. සාරියක් පටලවාගෙන මාත් එක්ක නටනවා. සෙල්ලම් කරනවා. ඒ වගේ එයා සතුටින් ඉන්නවා.."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements