Featured News

Video Gossip

Advertisement

වළගම්බා රජුට ආරක්ෂාව සැලසූ ඓතිහාසික රහස් භූමිය
කිසිදු ඇණයක් නොගැසු පාලම

ඉතා මනරම් ආකර්ෂණීය භූ විෂමතාවන්ගෙන් සමන්විත උෟව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඉතා සුවිශේෂී ස්ථානයක් ලෙස බෝගොඩ රජමහ විහාරස්ථානය හදුන්වා දිය හැකිය. ශ්‍රී ලංකාවේ දැවයෙන් ඉදිකරන ලද විශාල හා පැරණිතම පාලමක් වන බෝගොඩ පාලම මෙම බෝගොඩ රජමහ විහාරස්ථානය හා සම්බන්ධ වී තිබීම මෙම පන්සල ප්‍රචලිත වීම සඳහා බලපා ඇති සුවිශේෂී කරුණක් ලෙස හදුනාගත හැකිය.

බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැපීපෙනෙන නිම්නයක් ලෙස බෝගොඩ නිම්නය හඳුනාගත හැකිය. එම නිම්නය නාරංගල කඳුවැටිය, තුප්පිටිය, කැටවල, රද්දල, අලියාකන්ද වැනි කඳුවැටිවලින් වටවී ඇත. නාරංගල කඳු මුදුනේ සිට ගලා බස්නා ගල්ලන්දා ඔය (ගොල්ලන්දාව/ බෝගොඩ ඔය) ගලා බසින්නේ මෙම බෝගොඩ නිම්නය හරහාය. බෝගොඩ ප්‍රදේශය බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මෙම ගල්ලන්දා ඔය හරස් කරමින් තනා ඇති බෝගොඩ ලී පාලම හේතුවෙනි. සුන්දර බදුල්ල නගරයේ සිට කිලෝමීටර් 13ක් පමණ දුරක් ගිය පසු මෙම දර්ශනීය ලී පාලම දැකබලාගත හැකි අතර විහාරස්ථානය අවට පවත්නා බෑවුම් සහිත භූමිය සහ විශාල ගස්වැල් හේතුවෙන් දුර සිට නරඹන්නන්ගේ දෑසින් මෙම විහාරස්ථානය ආවරණය වී ඇත.    
වසර සියයකටත් වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියන බෝගොඩ ලී පාලම සම්පූර්ණයෙන්ම දැවයෙන් නිර්මාණය කර තිබෙන බව දැකගත හැකි වේ. මීටර් පහළොවක් පමණ දිගින් සහ මීටර් 1.5ක පළලකින් සමන්විත මෙම පාලමට මීටර් 2.4ක පමණ උසකින් වහලයක් නිර්මාණය කර තිබීමද ඉතාමත් සුවිශේෂී කරුණක් වේ. එසේම මෙම පාලම ඉදිකිරීමේදී එකදු ඇණයක් හෝ භාවිත කර නොතිබීමද පුදුමය දනවන කරුණකි. පාලමේ සියලුම කොටස් දැව මූට්ටුවලින් ඉතාමත් ශක්තිමත්ව නිම කර තිබිමෙන් පෙනී යන්නේ පාලම ඉදිකළ වඩුවන්ගේ හැකියාව හා දක්ෂතාව වේ. විශාල දැව කඳන් දෙකක් මත ඇති පාලම දෙපස අලංකාර අත් වාරුවක් ඉදි කර ඇත්තේ ගමන් කරන්නාගේ ආරක්ෂාව සඳහා බව පෙනි යයි.

බෝගොඩ රජමහ විහාරස්ථානය හා බැ¾දුණු අතීත කතා රාශියක් හ¾දුනාගත හැකි අතර වඩාත් වැදගත් ප්‍රවාදයක් ලෙස සොළී ආක්‍රමණයන්ගෙන් බේරීමට කාලයක් වනගතව සැඟවී සිටි වළගම්බා රජතුමා මෙම ස්ථානය ආරක්ෂාකාරීව සැඟවී සිටීමට යොදාගත් බව හ¾දුනාගත හැකිය. එම කාලයේදී මෙම ස්ථානය ලෝකයාගෙන් සැඟවී සිටීමට කෙනකුට පැවැති සුදුසුම අතිශය රහස් භූමියක් බව එය පිහිටුමෙන්ම දිස්වේ. එම රහස්‍යභාවය තව තවත් වැඩි කර ඇත්තේ ගුහාවට යාබදව ඇති රහස් උමං මාර්ගයයි. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති ගුප්ත උමං මාර්ගවල ‍ෙදාරටුවක් වන බෝගොඩ විහාරස්ථාන උමං පිවිසුම් ‍ෙදාරටුවෙන් ඇතුළු වූ කෙනකුට එතැන් සිට කිලෝමීටර් 14ක දුරකින් ඇති ‍ෙදා්ව රජමහ විහාරයටත්, එපමණ දුරකින් පවතින නාරංගල කන්ද දක්වාත් අතීතයේදී ගමන් කළ හැකිව තිබූ බව පැවැසේ. ‍ෙදා්ව රජමහ විහාරය වළගම්බා රජතුමා සැඟව සිටි ස්ථානයක් ලෙස පිළිගැනීමත් එම විහාරස්ථාන භූමියේ ඇති උමං මාර්ගය බෝගොඩ රජමහ විහාරස්ථානය පිහිටි බටහිර දෙසට විහිද පැවැතීමත් ඉහත කී උමං මාර්ගයේ ගමන් මඟ සනාථ කරන්නක් බව තහවුරු වේ.

බෝගොඩ පාලම නිර්මාණය කළ වඩු කාර්මිකයන් පිළිබඳව හ¾දුනා ගැනීමේදී ඔවුන් පිළිබඳව ජනප්‍රවාදයේ ඇති ප්‍රධානතම කතාවක් වන්නේ මේ පාලම ඉදි කර තිබෙනුයේ එක්තරා පියෙක් හා පුතෙක් බවත්, පුතාට පාලමේ අවසන් වැඩ කොටසක් පවරා පියා පිටත වැඩකට ගොස් ඇති බවත්ය. පාලමේ ඉතිරි වැඩ කටයුතු පියා ආ පසු සිදු කළ හැකි බවත් පවසමින් පියා පිටත් වූ පසු පියාගේ කතාබහ නොසලකා පුතා විසින් පාලමේ වැඩ කටයුතු අවසාන කළ බවත්, නියමිත චාරිත්‍ර වාරිත්‍ර සිදු කිරීමට නොහැකි වූ හේතුවෙන් සාපයක් වැදි පුතා මියගිය බවත්ය.

බෝගොඩ පාලම බිහිවීම හා එයට එම නම ලැබීම පිළිබඳව විවිධ ජනප්‍රවාද රැසක් හඳුනාගත හැකිය. බෝගොඩ නිම්නයේ බැලු බැලූ සෑම තැනකම එක්තරා රටාවකට පිහිටා ඇති අලංකාර විශාල නිල්වන් බෝධි වෘක්ෂයන් දක්නට ලැබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ සෑම බෝ ගසක්ම එකම වර්ගයකට අයත් වීමයි. අෑත සිට බලන්නෙකුට බෝගොඩ ප්‍රදේශය ඉතා පහසුවෙන් හඳුනාගැනීමට හැකි වන්නේද මේ සුවිශේෂී ලක්ෂණය හේතුවෙනි. මේ කරුණ හේතුපාදකව බොහෝදෙනාගේ අදහස වන්නේ බෝ ගස් විශාල ප්‍රමාණයක් තිබීම නිසා බෝගොඩ යන නම ව්‍යවහාර වූ බවයි. බෝගොඩට නම ලැබුණු ආකාරය පිළිබඳව තවත් ජනප්‍රවාදයක් පවතී. එනම් මෙම ගම්මානයේ පැරණිම පුද්ගලයන් දෙදෙනෙක් සිට ඇති අතර ඔවුන් දෙදෙනා හඳුන්වා ඇත්තේ පුංචි බෝගොඩ හා මහ බෝගොඩ යන නම්වලිනි. මේ දෙදෙනා මේ ප්‍රදේශයට පැමිණ ඇත්තේ පස්සර ප්‍රදේශයෙනි. එකල මේ ගමේ තිබී ඇත්තේ එකම එක බෝ ගසක් පමණි. ඒ වර්තමානයේ බෝගොඩ විහාරයේ ඇති බෝධීන් වහන්සේය. මේ දෙදෙනා බෝධින් වහන්සේගේ අංකුර රැගෙන ඒවා ගම පුරාම සිටුවා ඇත. ඒ හේතුවෙන් පසුකාලයේදී මේ ගමට බෝගොඩ යන නම භාවිත වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය හා කැටයම් කලාව අනුව නිර්මාණය වූ බෝගොඩ ලී පාලම දිගටි අම්බලමක ලක්ෂණද දැකගත හැකිය. මෙම පාලම එතෙර මෙතෙර වීමට පමණක් නොව මඟ යන එන්නන්ට අම්බලමක් වශයෙන්ද ප්‍රයෝජනයට ගත හැකිය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1963-1964 වර්ෂයේ බෝගොඩ පාලම මුල්වරට ප්‍රතිසංස්කරණය කර ඇත. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ හමුවන සුවිශේෂී කලා නිර්මාණයක් වන මෙය අතීතයේ පැවැති පාලම් තාක්ෂණයේ තාක්ෂණික අගය, අතීත වඩු කාර්මික ශිල්පීන්ගේ තිබෙන උසස් කලාත්මක හැකියාව සහ ප්‍රතිභාව විදහා දක්වන අපූර්ව නිර්මාණයක් ලෙස සුන්දර බදුලු පුරවරයේ පිහිටා තිබෙන බෝගොඩ පාලම හ¾දුනාගත හැකිය.

එස්.එල්.ඒ. දිල්කී ඉමාෂා සුබසිංහ

කොළඹ විශ්වවිද්‍යාලය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements