Featured News

Video Gossip

Advertisement

කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව අවසන් කර විසිරගිය උප පොලිස් පරීක්ෂකවරු

කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව අවසන් කළ උප පොලිස් පරීක්ෂකවරුන් 189 ගේ විසිරයාම පසුගියදා (20) පස්වරුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.එහිදී උප පොලිස් පරීක්ෂකවරුන් 167 දෙනෙකු හා උප පොලිස් පරීක්ෂකවරියන් 22 දෙනෙකු විසිර ගියේය.

තම රාජකාරී දිවිය තුල දූෂිතයින්ගේ ගොදුරක් නොවී රටේ සාමය ඇතිකිරීමට දායක වීම නවක පොලිස් නිලධාරීන්ගේ වගකීමක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙහිදී අදහස් දැක්වමින් ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දක්වමින් ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර සිටියේ-

"දැන් තමුන් මේ පොලිසියට බැඳුනහම, අද ඉඳන් වැඩ කරන්න පටන් ගත්තහම විවිධ අභියෝග වලට මුහුණ දෙන්න වෙයි.

පොලිස් ස්ථාන වලට ගියාම ඒ පළාතේ සිටින; අපි හිතමු පාතාලයට සම්බන්ධ, මත් ද්‍රව්‍ය වලට සම්බන්ධ සියළු පුද්ගලයන් ඔබ වටා සැරිසරන්න ගනියි.

සමහර විට ඔබ සියළු දෙනාටම බලපෑම් කරන්නත් ගනියි, කවදාවත් ඒ උදවියගෙ ගොදුරක් බවට පත් වෙන්න එපා.

ඕනම ආයතනයක පොලිසියද, ත්‍රිවිධ හමුදාවද, රජයේ ආයතනයක් උනත් ඕනම තැනක අතලොස්සක් ඉන්නව නරක මිනිස්සු.

පොලිසිය ඇතුලෙත් ඒ වගේ ඉන්නව.

ඔබල ඒ පොලිසි වලට ගියාම සමහරවිට ඒ උදවියත් ඔබලව ගොදුරක් කරගන්න බලයි.

එහෙම වෙන්න එපා, කෙලින් ඉන්න.

අපි මේ වෙලාවෙ මත් ද්‍රව්‍ය නැති කරන්න, පාතාලය නැති කරන්න ගෙන යන වැඩපිළිවෙලවල් වලට එකතු වෙන්න."

...

යැයි පුහුණුව අවසන් කළ උප පොලිස් පරීක්ෂකවරුන් හට අරාධනා කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements