Featured News

Video Gossip

Advertisement

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ දෙව්මි
නයනතාරා දැන් පෙම්වතියක්ද?

‘ප්‍රති රූ’ සිනමාවට දායාද කරමින් රිදී තිරයේ කතාබහට ලක් වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන වෛද්‍ය කපිල සූරියආරච්චිගේ දෙවැනි සිනමා නිර්මාණය ‘සිනේමා’ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ පසුගියදා රිදී තිරයට එක්විණි. සිනමාව තම ආත්මය කර ගත් මිනිසුන්ගේ හෘද සාක්ෂිය පිළිබඳ සහ යොවුන් ආදරයේ චමත්කාරය හරවත්ව ඉදිරිපත් කරන මේ අපූරු චිත්‍රපටයේ ඔබ ආදරය කරන දෙපළක් මෙවර සිරිකත කවරය හැඩගන්වනවා. මේඝ සූරියආරච්චි සහ නයනතාරා වික්‍රමආරච්චි එම දෙපළයි.

සිනේමා චිත්‍රපටයේ ‘තිළිණි’ ලෙස හමුවන ඇය පිළිබඳ නම් අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. පිට පිට දොළොස් වතාවක්ම ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ ඇය නයනතාරා වික්‍රමආරච්චියි. පුංචි තිරයෙන් එහා අද සිනමාවෙන් හමුවන ඇය කලෙකට පස්සේ සිරිකත සමග කතාබහට එක්වූණේ මේ විදියටයි.ඉතින් මොනවද අලුත් තොරතුරු?
මේ දවස්වල නම් හුඟක්ම කාර්යබහුල වෙලා ඉන්නේ ‘සිනේමා’ චිත්‍රපටියේ ප්‍රචාරණ කටයුතු එක්ක. ප්‍රේක්ෂකයින්ට ආදරයෙන් ආරාධනා කරනවා සිනේමා නරඹන්න එන්න කියලා. සිනේමා ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැළඳ ගනීවි කියලා බලාපොරොත්තු වෙනවා. දැනටමත් හිතපු නැති තරමට ප්‍රතිචාර ලැබෙනවා.

‘සිනේමා’ නයනතාරාගේ කීවෙනි චිත්‍රපටයද?
මගේ දෙවැනි චිත්‍රපටය. පළමු චිත්‍රපටය ‘එක දවසක අපි’ තිරගත වුණා. තවත් චිත්‍රපටයක රූපගත කිරීම් අවසන් කර තියෙනවා. ඒ චිත්‍රපටියත් ඉක්මනින් දැකගන්න ලැබේවි.

‘සිනේමා’ චිත්‍රපටයට අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?
වේශ නිරූපණ ශිල්පි ප්‍රියන්ත එස්. වන්නිනායක මහත්මයා හරහා තමයි සිනේමා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල සූරියආරච්චි මහතා මාව මුණ ගැහෙන්නේ.

තිළිණි ඔබට දැනුණේ කොහොමද?
තිළිණි කියන්නේ නිළියක් වෙන්න ගොඩක් ආසාවෙන් සිහින මවන අහිංසක තරුණියක්. ඒ හීනේ මාත් එක කාලයක් හිටපු නිසා තිළිණිගේ සමහර තැන් ගළපන්න මට පහසු වුණත් තිළිණිගෙ ඇතුළෙ තිබුණු සමහර හැඩතල නයනතාරාට වඩා ගොඩක්ම වෙනස්. ඒ නිසාම තිළිණි කියන චරිතය බොහෝ තැන්වලදී මට අභියෝගයක් වුණා.
මේ චිත්‍රපටය කරද්දි මට අවුරුදු දහ අටයි. නිර්මාණය ගැන කිසිම අදහසක් ඒ වෙනකොට මට තිබුණේ නැහැ. ඒත් අධ්‍යක්ෂවරයා සහ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් මේ චරිතය ගොඩ නගාගන්න ලොකු සහයෝගයක් මට ලැබුණා.

ඔබ තවමත් ජනතා සම්මානයේ ඉහළම තැන ඉන්නවා කියන විශ්වාසය තියෙනවාද?
ජනප්‍රියත්වය කියන දේ හැමදාම එක විදියට තියෙන්නේ නැහැ. හැබැයි දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ දෙව්මි කියන්නේ මගේ ජීවිතේට වාසනාව ගෙනා චරිතය. දෙව්මි නිසා මට ජීවිතේ හුඟක් දේවල් ලැබිලා තියෙනවා. ඒ හැමදේටම වඩා මට වටිනම දේ ප්‍රේක්ෂක ආදරය. 

පිට පිට තුන්වතාවක්ම මම ජනප්‍රිය නිළිය බවට පත්වෙනවා. මේ වෙනකොට ජනතා සම්මාන දොළහකින් ප්‍රේක්ෂකයන් මට ඔවුන්ගේ විශ්වාසය පෙන්වලා තියෙනවා. ඒක මට විශාල ආශිර්වාදයක්. ඒ ජනතා විශ්වාසය රකින්න මම උපරිම කැපවීමෙන් වැඩ කරනවා. ඉහළම තැන නැතත් ජනතාවගේ ආදරය එදා වගේම නොඅඩුවම මට අදටත් ලැබෙනවා.

දෙවෙනි ඉනිමට අමතරව මොනවද දායක වු අලුත් නිර්මාණ?
ලලිත් රත්නායකගේ ටෙලි නාට්‍යයක වැඩ අවසන් කළා. ප්‍රේක්ෂකයන්ට ඒ නිර්මාණයත් ඉක්මනින්ම දැකගන්න පුළුවන් වේවි.

නිළියක්වීම ගැන අද ඔබට මොකද හිතෙන්නේ?
කලාව තෝරා ගැනීම ගැන ලොකු සතුටක් තියෙනවා. මට හුඟක් දේවල් දුන්නේ මේ ක්ෂේත්‍රය. ඉදිරියටත් කලාව එක්කම මගේ ජීවිතය රැඳිලා තියේවි.

නයනතාරා දැන් පෙම්වතියක් කියන්නේ ඇත්තද?
මම තවම පෙම්වතියක් නෙමෙයි. පෙම්වතෙක් ඉන්නවා නම් මට ඒක හංගන්න අවශ්‍ය නැහැ. ආදරය අවශ්‍ය කාලෙදි මාව හොයාගෙන ඒවි. මම තව ටික දවසක් නිදහසේ ඉන්න කැමැතියි. ප්‍රේම ආරාධනා නම් අඩුවක් නැහැ.

නදීශා අතුකෝරළ
ඡායාරූප සජීව ලක්ෂාන්





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements