Advertisement

පෙම්වතා පැමිණ  15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගිහින්

15 හැවිරිදි දැරියක් පැහැරගෙන යෑමේ පුවතක් මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයෙන් වාර්තතා වනවා.

තම දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වු පුද්ගලයා විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවට දැරියගේ මව චෝදනා කළාය.

15 හැවිරිදි කෞෂානි කාවින්ද්‍යා දැරිය දෙමව්පියන් සමග මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිටි ඇත.ප්‍රේම සම්බන්ධය නැවැත්වීම හේතුවෙන් උරණ වූ කෞෂානිගේ පෙම්වතා සිය නැන්දනිය සහ තවත් දෙදෙනෙකු සමග ඉකුත් අප්‍රේල් මස 10 වනදා ඇගේ නිවසට පැමිණ තර්ජනය කර තිබු බව වාර්තා වෙයි.

විදෙස්ගතව සිටින කෞෂානිගේ මවට සිද්ධිය පිළිබඳ දැනුම්දීමත් සමග වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ඇයව පිටත් කර හැරීමට මව කටයුතු කර තිබුණාය.

කෙසේවෙතත් අප්‍රේල් 12 වනදා වැල්ලවායේ ඥාති නිවසට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු කෞෂානිව පැහැරගත් බව සිය ඥාතීන් දැන් වූ බව කෞෂානිගේ මව පවසයි.

"මම විදේශගත වෙලා හිටියේ. දුව මට කෝල් කරලා කිව්වා මට මේ සම්බන්ධයෙන් නිදහස් වෙන්න ඕනේ. එයා මට නිදහසේ ඉන්න දෙන්නේ නෑ කියලා. කොල්ලාගේ ගෙදරින් තර්ජනය කළා. පිරිමි ළමයාගේ නැන්දම්මත් තර්ජනය කළා, එයාලා සල්ලිවලට මිනී මරණ කට්ටිය බය නෑ නීතිය ගැන දන්වා කියලා තමයි මට තර්ජනය කළේ."

සිය දියණිය පිළිබඳ තොරතුරක් වෙතොත් 076 883 6225 යන දුරකථන අංකයට දැනුම්දෙන ලෙස කෞෂානිගේ මව ඉල්ලීමක් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements