Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

විහාරා වැටිලා ඉන්නවා. සිහිය නැහැ. ඇඟේ නූල්පොටක්වත් නැහැ. 
මචං විහාරා පිස්සු නටලා ඇඳුම් ගලවලා ජනේලෙන් පැන්නා
මම රට පනිනවා.. උඹල දෙන්නත් වරෙල්ලා.’- සැකකරු මිතුරන්ට කියපු දේ

වෙසක් පොහෝ දා රාත්‍රියේ කළුතර ඓතිහාසික චෛත්‍යරාජයාණන්ට ඉහළින් මල් වට්ටියක් සේ පායා තිබූ පුන් සඳ ඊට පසුදාත් ඒ විදිහටම පායා එමින් තිබිණි. කළුතර බෝධීන් වහන්සේ අසලින් ගලා ගිය කළු ගඟේ ජලය කලපුවට එක්වී ඉවුරේ හැපී බිඳුණේ සියුම් හඬ නංවමිනි. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල දෙසට මහ හඬ නංවමින් දුම්රියක් ගමන් කළේය. එහෙත් ඇයට ඒ කිසිත් ඇසුණේ නැත. ඇය දුම්රිය මාර්ගය අසල නිරුවත්ව වැතිර සිටියාය.

ඇය විහාරා නිර්මාණි නිශ්ශංක ද සිල්වාය. දහසය හැවිරිදි වියේ පසුවූ විහාරා කළුතර, නාගොඩ පදිංචි පවුලක එකම දියණියය. ඇයට සොහොයුරන් දෙදෙනෙකි. විහාරා කළුතර නගරයේ ප්‍රධාන පෙළේ පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග කඩඉම ජය ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය.කළුතර නගරය වෙසක් සිරියෙන් ඇලලී තිබිණි. කළුතර මැද පාරේ ඉදිවුණු සුවිසල් වේදිකාවක වෙසක් බැති ගී ගායනා කරමින් තිබිණි. දහස් ගණනක් ජනතාව දන්සල් ළඟ සිටියේ පෝලිම් ගැසීය. වෙසක් සිරි නරඹන්නට ආ විශාල පිරිසකගෙන් කළුතර නගරය පිරී ගොස් තිබියදී විහාරා හුදෙකලාව වැතිර සිටියේ අවසන් හුස්ම කළු ගඟ හරහා හමා ගිය වා රැල්ලට මුසු කරමිනි.

මැයි 06 වෙසක් දිනයට පසුවදා සවස ඇය අම්මාට කීවේ තම මිතුරිය වූ පබරා සමග වෙසක් සිරි නරඹා දන්සල් වඳින්නටද යන බවය. අම්මාට එසේ කීවද ඔවුන්ගේ ගමනට වෙනත් සැලසුමක් තිබිණි. ඇය එම සැලසුම් සහගත ගමන යෑම සඳහා තවත් යෙහෙළියකගෙන් ඇගේ ජාතික හැඳුනුම්පත ඉල්ලා ගත්තාය.

ඒ, දහසය හැවිරිදි ඇයට මෙතෙක් ජාතික හැඳුනුම්පතක් නොවූ බැවිනි. දෙදෙනා කළුතර නගරයට එන විට පබාරාගේ පෙම්වතා වූ ඉෂාන් පැමිණ සිටියේ ගයාන් සමග ඔහුගේ මෝටර් රථයෙනි. විහාරා ගයාන්ව දුටු දෙවැනි දවසද එය විය. ඉන්පසු හතර දෙනාම පැමිණියේ කළුතර නගරයේ මැද පාර පටන් ගන්නා සමීපයේ පිහිටි හෝටලයක් වෙතය.

මහල් පහකින් යුතු මෙම හෝටලයේ කාමර 07කි. එය නවාතැන් පහසුකම් ලබා දෙනවාට අමතරව පිසූ ආහාර ලබාදෙන ස්ථානයක්ද විය. සවස 6.30ට පමණ හෝටලයට පැමිණි සිවුදෙනා එක් කාමරයක් අවශ්‍ය බව කියා සිටි විට හෝටලයේ කළමනාකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ සිවුදෙනකු සිටින බැවින් කාමර දෙකක් ලබාගන්නා ලෙසය.

ඒ අනුව හෝටලයේ තුන්වැනි මහලේ වූ කාමර අංක 06 හා 07 ඔවුන් වෙනුවෙන් වෙන් කෙරිණි. ඉන් වායුසමනය කළ කාමරය පිහිටා තිබුණේ කළු ගං කලපුවට මුහුණලාය. දුම්රිය මාර්ගයට සමීපවය. ඔවුන් හෝටලයෙන් ඌරු මස්, ඩෙවල් කළ කුකුළු මස් හා රයිස් ගෙන්වා ගෙන තිබූ අතර හෝටල් සේවකයන් දැක තිබුණේ සිවුදෙනාම වායුසමනය කළ කාමරය තුළට වී පිටතින් ගෙන එන ලද මත්පැන් බෝතලයක් පානය කරන ආකාරයය.

මේ අතර පබාරාත් ඇගේ පෙම්වතා වූ ඉෂානුත් රාත්‍රි 7.20ට පමණ නැවත පැමිණෙන බව දැනුම් දී හෝටලයෙන් පිටවී ගොස් තිබිණි. ඉන්පසු රාත්‍රි 7.40ට පමණ ඉෂාන්ගේ මිතුරා වූ ගයාන් නැවත පැමිණෙන බව පවසා හෝටලයෙන් පිටව ගොස් ඇත. පබාරාත් ඉෂානුත් පිටව ගොස් ටික වේලාවකට පසු ගයාන් ඔවුනට දුරකථන ඇමැතුමක් ගෙන මෙසේ පවසා ඇත.

‘‘මචං, විහාරා පිස්සු නටලා ඇඳුමුත් ගලවලා දාලා ජනේලෙන් පැන්නා. මැරිලා ඇති. උඹල දෙන්නත් වරෙල්ලා. මම රට හරි පනිනවා.’’

එහෙත් තමා සමග පැමිණි විහාරාව දමා යන්නට පබාරාට සිතුණේ නැත. ඇය ඉෂාන් සමග රේල් පාර පැත්තට ගියාය. ඇය තම සෙරප්පුව පැටලුණු බැවින් මග සිටියදී ඉෂාන් ඉදිරියට දුව ගොස් බැලුවේය. ඔහු දුටු දෙයින් බය බිරාන්ත විය. විහාරාගේ නිරුවත් සිරුර වූයේ දුම්රිය මාර්ගයේය.

ඇගේ ඇස් විවරව තිබිණි. ඔහු තම කමිසය ගලවා සිරුර මත දමා දෑතින් ඔසවා ඇයව දුම්රිය මාර්ගය අයිනෙන් තැබුවේය. ආපසු හැරී පබාරා වෙත දිව විත් ඉෂාන් මෙසේ කීවේය.

‘‘විහාරා වැටිලා ඉන්නවා. සිහිය නැහැ. ඇඟේ නූල්පොටක්වත් නැහැ.’’බිය වූ දෙදෙනා ගොස් නැවතුණේ උතුරු කළුතර, විලේගොඩ පිහිටි ඉෂාන්ගේ නිවසේය.

මේ අතර හෝටලයේ දෙවැනි මහලේ ආහාර ගැනීම සඳහා පැමිණ සිටි අයකු ‘‘රේල් පාර අයිනේ ගැහැනු කෙනකු වැටී සිටිනවා’’ යැයි හෝටලයේ කළමනාකරුට පවසා තිබිණි. ඔහු 1990 ගිලන් රථ සේවය කැඳවා තිබුණේ ඒ අනුවය. ගිලන් රථයේ පැමිණි නිලධාරීහු ඇය පරීක්ෂා කර මියගොස් ඇති බව පවසා පිටව ගියහ. දකුණු කළුතර පොලිසියට මේ සම්බන්ධයෙන් දුරකථන ඇමැතුම ආවේ ඒ අනුවය.

කළුතර දකුණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ ඇතුළු නිලධාරීන් සිදුකළ විමර්ශනයට අනුව දැරිය සමග හෝටල් කාමරයේ සිට පලාගිය ප්‍රධාන සැකකරු ගයාන් විවාහ දෙකක් සිදුකරගෙන ඇති 29 හැවිරිදි අයෙකි. ඔහුගේ එක් බිරිඳක් පානදුර ප්‍රදේශයේත් අනෙක් බිරිඳ කළුතර ඉසුරු උයනේත් පදිංචිව සිටින බව පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.

ගයාන් තම මෝටර් රථය බණ්ඩාරගම මාර්ගයේ නතර කර එහි යතුර මඩ්ගාඩ් එක යට තිබෙන බව මිතුරකු වූ අංජනට පවසා මෝටර් රථය රැගෙන යන ලෙස උපදෙස් දී ඇත. මෝටර් රථය සමග අංජන පොලිසියට කොටුවූ අතර ගයාන් පැන ගොස් තිබිණි. පබාරා හා ඉෂාන් පිළිබඳවද පොලිස් ඇස යොමුව තිබූ අතර ඔවුන් දෙදෙනා රාත්‍රියේම දකුණු කළුතර පොලිසියට පැමිණ භාර වූහ.

‘‘මම යමු කියල කතා කළාට විහාරා ආවේ නැහැ. රෑ වෙනකොට අම්මලා හොයන නිසා මම මගේ ගුරුවරයකුට කතා කර ඔහු ලවා අම්මාට දුරකථන ඇමැතුමක් දුන්නේ මම ඔහු සිටින තැන සිටින බව ඇඟවීමට. තවත් රෑ වනවිට අම්මලා ගුරුවරයාට කතා කරලා තිබුණා. ඔහු සිටින තැන මම නොමැති බව දැනගත් විට ඔවුන් ප්‍රදේශයේ දන්සල් ළඟට ගිහිල්ලත් බලලා තියෙනවා’’ යැයි පබාරා පොලිසියට ප්‍රකාශ කර ඇත.

දකුණු කළුතර පොලිසිය මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ සිද්ධිය වූ ස්ථානයට පැමිණ මියගිය අයගේ සිරුර පරීක්ෂා කළේය. පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කළේය. ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී. කේ. වෙනුරජිත් විවෘත තීන්දුවක් ලබාදෙමින් විහාරාගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත සහ කොළඹ වෛද්‍ය පර්යේෂණාගාරය වෙත යවන ලෙස නිර්දේශ කර තිබිණි.

ඉකුත් 07 වැනිදා රාත්‍රියේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ මියගිය විහාරාගේ යෙහෙළිය කළුතර නාගොඩ පදිංචි පබාරා, ඇගේ පෙම්වතා වූ උතුරු කළුතර විලේගොඩ පදිංචි ඉෂාන් සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය රැගෙන ගිය බේරුවල, වලතර පදිංචි අංජන යන තිදෙනා මැයි මස 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ විසින් නියම කරන ලදී.

අවාසනාවන්ත අන්දමින් අභිරහස් ලෙස මරණයට පත්වූ විහාරාගේ මෘත දේහය ඊයේ ඇය පදිංචි කළුතර නාගොඩ රෝහල ආසන්නයේ නිවසට ගෙන ආවේ නෑ හිතවතුන්ගේ සෝ සුසුම් මැදය. එහිදී දැරියගේ මව හඬා වැළපෙමින් මෙසේ කියා සිටියාය.

”මගේ දරුවාට එදා රෑ ගෙදර පන්තියකුත් තිබුණා. එහෙව් තියෙද්දි මම ආශ්‍රය කරන්න එපා කියලා තිබුණු පබාරා ඇවිත් මගේ දරුවාට දන්සැලට යන්න කතා කළා. මම එපා එපා කියලා දෙසැරයක්ම කියලත් තුන්වැනි සැරේ දරුවාගේ ඉල්ලීම ගැන කරුණාවක් දක්වලා ඉක්මනට ගිහිං එන්න කියලා යන්න දුන්නා. ඔය පබාරා කියන යාලුවට මම කලින් වතාවල් දෙකක් කියලා තියෙනවා මගේ දුවට ඉගෙන දෙන්න කියලා. 06 වැනිදා එයාව එක්කන් යන්න ආපු වෙලාවෙත් ඇය කීවා ඇන්ටි මම අදින් පස්සෙ එන්නේ නැහැ කියලා.

පබාරා මගේ දරුවා එක්කං ගිහිං තියෙන්නේ එයාගේ කොල්ලව බලන්නයි. දරුවා ගෙදර ආවේ නැතිකොට මම කෝල් කළා. අම්මේ අපි මේ දන්සලේ ඉන්නවා කීවා. එතැනින් එහා කෝල් කළත් එයාගේ දුරකථනය වැඩ කළේ නැහැ. එතන ලොකු සැලසුමක් තිබිලා තියෙනවා.

පබාරයි එයාගේ කොල්ලයි එයාගේ යාලුවෙකුයි තමයි මේ සියලු දේවල් කරල තියෙන්නේ. ඒ ගොල්ලන්ට නිසි දඩුවම් දිය යුතුයි. මගේ දරුවා අරන් ගිහින් බැඳපු මිනිහෙකුට පූජා කළා. මගේ දරුවාට යම් වරදක් මාධ්‍යයෙන් වෙලා තියෙනවා නම් ඒවා නිවැරදි කරල ප්‍රකාශ කරන්න කියලා මම මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා.

මගේ දරුවා වැරදි නැහැ. දරුවාට ප්‍රේම සම්බන්ධතාවක් තිබිලා නැහැ. මම මෙතැන ආයතනයක් පවත්වාගෙන යන අම්මා කෙනෙක්. ඒ සියලුම දරුවෝ මම අම්මා කෙනෙක් වගේ බලාගන්නවා.

එහෙව් අම්මා කෙනෙක් වුණු මට මේ වගේ අසාධාරණයක් වෙලා තියෙනවා. නමුත් මගේ දරුවා අයේ එන්නේ නැහැ. මින් මතු කිසිම දරුවෙකුට මෙවන් අවාසනාවන්ත සිදුවීම් නොවෙන්න මම සමාජයෙන් ඉල්ලා සිටිනවා.”

මේ අතර ප්‍රධාන සැකකරු ගයාන් මෙවැනි ආකාරයෙන් තරුණියන්ගේ ජීවිත හා සෙල්ලම් කළ අයකු බවත් ඔහු මීට පෙරද තරුණියන් හා සම්බන්ධතා ඇතිකරගෙන ඔවුන් රවටා තිබෙන බවත් හෙළිවී ඇත. මෙරට ප්‍රධාන පෙළේ ලීසිං සමාගමක වාරික ගෙවීමට අතපසු වූ වාහන අත්පත් කරගන්නා (සීසර්) පුද්ගලයකු වන ඔහු මියගිය විහාරා දැරිය හඳුනාගෙන ඇත්තේ ටික්ටොක් සමාජ මාධ්‍යයෙනි.

ඔහු, ඇය හමුවී ඇති දෙවැනි අවස්ථාව මෙය වේ. සැබැවින්ම විහාරාට වූයේ කුමක්ද? ඇය උඩු මහලින් පැන්නාද එසේ නැතිනම් ඇයට පැනීමට සැලසුවාද? එසේත් නැතිනම් ඇයව තල්ලු කර ඝාතනය කළේද? යන ප්‍රශ්නවලට පිළිතුරු ඇත්තේ සැකකරු ළඟය. මේ සුලමුල තවත් නොබෝ දිනකින් හෙළිවනු ඇත. එය හෙළි වනවිට මාපියන්ට දරුවෙකුත්, සහෝදරයන් දෙදෙනාට සහෝදරියකුත් අහිමි වී අවසන්ය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook