Advertisement

සම්පත් බැංකුවට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් !

සම්පත් බැංකුවේ මූල්‍ය තත්වය අස්ථාවර වී ඇති බවට පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවතක් ප්‍රචාරය වී තිබුණා. මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සම්පත් බැංකුවේ පාලනාධිකාරිය පවසා සිටියේ එම ගෙනයන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යය බවයි.

ශ්‍රී ලංකාව තුල ඇති බැංකු අතරින් ඉහළම ස්ථානයක සිටින තම බැංකුවට මෙම අසත්‍ය පුවත් ප්‍රචාරය කරන පිරිස විසින් වෛරීසහගත ලෙස මඩ ප්‍රචාරණයක නිරත වී සිටින බවයි ඔවුන් සඳහන් කර සිටියේ.
මෙම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් සයිබර් අපරාධ කොට්ඨාශයට පැමිණිලි කිරීමට බැංකුව විසින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙම මඩ ප්‍රචාරයන්ට සම්බන්ධ සියළුදෙනා හැකි ඉක්මණින් නීතිය හමුවන පැමිණවීමට කටයුතු කරමින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් බැංකුවේ පාලනාධිකාරිය සඳහන් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්....

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements