Advertisement

විදුලි ගාස්තු පහළට - නව ගාස්තු මෙන්න

ඊයේ (ජූනි 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2කින් විදුලි ගාස්තු පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව,ගාස්තු සංශෝධනය පහත පරිදි සිදුවේ.

ගෘහස්ථ අංශයේ 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට සියයට 65කින් ගාස්තු පහළ යන අතර ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වාත්, මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වා ත්, ඒකක 60ට අඩු කාණ්ඩයේ ඒකක ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වා ත් පහළ යනු ඇත.
මාසික ගාස්තු රුපියල් 650 සිට 300 දක්වා අඩු කෙරෙන අතර ඒකක 91ත් 120ත් කාණ්ඩය සදහා ඒකකය රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙනු ඇත.

මාසික ගාස්තුව රුපියල් 1500 සිට 1000 පහළ දැමීමට ද තීරණය කර තිබේ.

ආගමික ස්ථාන සදහා සියයට 16ක ගාස්තු අඩු වීමක් ද, අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථානවලට ඒකකය රුපියල් 10 බැගින් ද (රුපියල් 30 සිට 10 දක්වා පහළට).

එමෙන් ම, ආගමික ස්ථාන සදහා කඩිනමින් සූර්ය බල පද්ධති ස්ථාපනය කරන ලෙස ද ලංවිමට හා ලෙකො සමාගමට කොන්දේසි පනවා ඇත.

හෝටල් අංශය සදහා සියයට 26.3ක ගාස්තු අඩුවීමක්, කර්මාන්ත අංශය සදහා සියයට 9ක ගාස්තු අඩුවීමක්, වාණිජ ගොඩනැගිලිවල විදුලි ගාස්තු සියයට 5කින් ද, රජයේ ගොඩනැගිලිවල විදුලි ගාස්තු සියයට 1කින් අඩු පහළ දමන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements