Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ ඉල්ලීම නිසා රේගුවේ රන් තොගයක් නිදහස් කරයි

කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන පහළොවක් වටිනා රත්රන් තොගයක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු කරන ලද අභියාචනයක් පරිදි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිදහස් කර ඇතැයි අනාවරණය වේ.

ඒ අනුව CUS/APP/11/2023 දරන අභියාචනය පරිදි අදාළ රන් භාණ්ඩ තොගය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පැවැති අදාළ බදු අයකර ගැනීම මත නිදහස් කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී.​ නෝනිස් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රේගු අධ්‍යක්ෂවරයා නියෝග කර තිබේ.BIA/CASE/0112023 දරන ​රේගු නඩුවේ විමර්ශන නියෝගයට එරෙහිව අදාළ මන්ත්‍රිවරයා 2023.02.27 දිනැතිව කරන ලද අභියාචනය සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම රන් භාණ්ඩ නිදහස් කර ඇතැයි අනාවරණය වේ.

මේ සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත් අයි. සිල්වා කියා සිටියේ මෙහි දී අදාළ මන්ත්‍රිවරයා විසින් නියෝගයක් කර නොමැති බවද, අභියාචනයක් පමණක් කර ඇති බවය.

ඕනෑම රේගු තීරණයක් සම්බන්ධයෙන් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට හැකි අභියාචනා කමිටුවක් රේගුවේ ස්ථාපිත කර තිබෙන බවද ඒ අනුව දේශපාලනඥයකු හෝ වෙනත් ඕනෑම අයකුට රේගු තීරණය සම්බන්ධයෙන් එම කමිටුවට අභියාචනා ඉදිරිපත් කළ හැකි බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

අභියාචන කටයුතු සොයා බැලීම සඳහා වෙනම අධ්‍යක්ෂවරයකු පත්කර තිබෙන බවද ඔහු යටතේ අභියාචනා කමිටුවක් තිබෙන බවද අධ්‍යක්ෂවරයාට ලැබෙන අභියාචනා කමිටුවට යොමු කරන බවද ඔහු කීවේය.

මෙම කමිටුව අදාළ අභියාචනය සම්බන්ධයෙන් සොයා බලා ගන්නා නිර්දේශය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබාදෙන බවද, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසාන තීරණ ගනු ලබන්නේ අදාළ නිර්දේශය මත බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements