Featured News

Video Gossip

Advertisement

සත්ව ආහාර 50kg කින් රුපියල් 1000ක පමණ මිල අඩුවන ලකුණු

බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් මත පනවා ඇති ආනයන බද්ද රුපියල් 50 කින් අඩු කිරීම හේතුවෙන් සත්ව ආහාර කිලෝග්‍රෑම් 50 කින් රුපියල් 1000ක පමණ මිල අඩු කිරීමක් සිදුවනු ඇති බව සත්ව ආහාර සැපයුම් කරුවන් සහ තොග බෙදාහරින්නන් පවසයි.

බඩ ඉරිගු කිලෝග්‍රෑමයක් සඳහා ආනයන බද්ද මෙතෙක් පැවතියේ රුපියල් 75 ක් ලෙසය. මේ අනුව බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් මත පනවා ඇති ආනයන බද්ද රුපියල් 25 ක් දක්වා අඩුවී ඇත. ආනයන බද්ධ ඉවත් කිරීමෙන් බඩ ඉරිගු 50kg මිල රු.2,500න් අඩුවන බව වාර්තාවේ.

සත්ව ආහාර මිල අඩු කිරීමේ අරමුණෙන් බඩ ඉරිගු ආනයන බදු මෙසේ අඩු කිරීම මගින් ඉදිරියේ දී කුකුල් මස් සහ බිත්තර මිල ද සැලකිය යුතු ලෙස පහළ යනු ඇති බව ද සත්ව ආහාර සැපයුම්කරුවන් හා තොග බෙදාහරින්නන් වැඩිදුරටත් පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements