Featured News

Video Gossip

Advertisement

දිනේශ් ශනුද්‍රි ආදර කතාව දෙදරා යයි
දෙන්නම Breakup වෙනවා කියපු හැටි (වීඩියෝ සහිතයි)

මේ දවස්වල හැම තැනම කතා බහට ලක් වෙන්න දිනේශ් සහ ශනුද්‍රියි ගැන. ඒකට හේතුව තමයි මේ දෙන්නා Breakup වෙන්න යනවා කියන ආරංචිය. 

දිනේෂ් ගමගේ කියන්නෙ මේ දවස්වල ලංකාවෙ ට්‍රෙන්ඩින් වෙන ගීත නිර්මාණය කරන තරුණ තරුණියන් අතරෙ ඉතාමත් ජනප්‍රිය ගායකයෙක්. 

ඒ වගේම තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නෙ තරු පවුලකින් එන රටේ තරුණයන්ගෙ හදවත් හොරා ගත්ත නර්තනයට වගේම රංගනයටත් ඉතාම දක්ෂ සුරූපී යුවතියක්. ඉතින් මේ දෙන්නගෙ ආදර කතාව වගේම මේ දෙන්නා එකතු වෙලා කරපු නිර්මාණත් රටම ආදරයෙන් වැළඳ ගත්තා.

කොහොම වුනත් මේ Breakup කතාව මුලින්ම එළියට එන්නෙ ශනුද්‍රි තමන්ගෙ පෞද්ගලික සමාජ මාධ්‍යය ගිණුමේ පළ කරලා තිබුන වීඩියෝ එකත් එක්ක. තමන් ගත කරන කාර්යබහුල ජීවිතය තමන්ට ඉතා වෙහෙසකර නිසා Breakup වීමට හැකි නම් වඩාත් හොඳ බව ශනුද්‍රි තමන්ගෙ වීඩියෝ එකෙන් කියන්න උත්සාහ කළා.

ඉතින් මේ වීඩියෝ එක බලපු මෙයාලට ආදරේ කරන රසික රසිකාවියො බොහෝ දෙනෙක් මේ Breakup කතාවෙන් පුදුමයට පත් වුනා. සමහර අය Breakup එක ගැන දුක් වෙලා තිබ්බා වගේම සමහර අය නම් Breakup වෙන හොඳයි කියලා තිබ්බා. කොහොම නමුත් මේ Breakup කතාව තවත් උණුසුම් වුනේ දිනේෂුත් ඔහුගෙ පෞද්ගලික සමාජ මාධ්‍යය ගිණුමේ පළ කරලා තිබුන වීඩියෝ එකෙන්. දිනේෂුත් තමන්ගෙ වැඩ කටයුතු එක්ක කාර්යබහුල වුන ජීවිතයෙන් මිදිලා Breakup වෙන්න තිබුනා නම් හොඳයි වගේ අදහසක් ප්‍රකාශ කර සිටියා.






ඒ විතරක් නෙවෙයි මුළු සමාජ මාධ්‍යයම කළඹපු මේ වීඩියෝ දෙකට දිනේශ් සහ ශනුද්‍රි comments වලින් පවා ප්‍රතිචාර දක්වලා තිබුනා. කොහොම වුනත් මේ දෙන්නගෙ Breakup කතාව හොඳ විදිහට විසඳෙන එක තමයි රසික රසිකාවියො හැමෝගෙම බලාපොරොත්තුව.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements