Featured News

Video Gossip

Advertisement

තවත් රු.මි 4,600ක බදු වංචාවක්
යකඩවලිනුත් ගැහිල්ලක්

තවත් මහා පරිමාණ බදු වංචාවක් සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ අනාවරණය කරයි.

ඔහු සඳහන් කරන්නේ, ගපහ දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන මහ පරිමාණ යකඩ ව්‍යාපාරයකින් රජයට අය විය යුතු රුපියල් මිලියන 4,600ක බදු මුදලක් මෙලෙස අය කර ගැනීම අත්හැර දමා ඇති බවය. එමෙන්ම මෙම ව්‍යාපාරය වෙනුවෙන් තැන්පත් කරගෙන ඇති රුපියල් මිලියන 600ක බැංකු ඇපකරයද නිදහස්කර ආපසු ලබා දීමට ආණ්ඩුවේ ඉහළ දේශපාන මැදිහත්වීමෙන් කටයුතු කරමින් ඇති බවද ඔහු අනාවරණය කරයි.මෙම ව්‍යාපාරය අවසර ලබා දී ඇත්තේ අමුද්‍රව්‍ය ගෙන්වා සිදුකරණු ලබන නිෂ්පාදන ආපසු අපනයන කිරීම සඳහා වන අතර යම් හෙයකින් එම නිෂ්පාදන දේශීය වෙළඳපොළට නිකුත් කරන්නේනම් ඊට අය වියයුතු බදු ගෙවිය යුතුය. එලෙස දේශීය වෙළඳපොළට නිකුත් කළ නිෂාපදන වෙනුවෙන් රුපියල් මිලියන 4,600ක බදු මුදලක් අය වියුතු අතර එම මුදල මෙතෙක් අයකරගෙන නැත.

එලෙස තිබියදී එම ව්‍යාපාරය වෙනුවෙන් රඳවාගෙන තිබූ රුපියල් මිලියන 600ක බැංකු ඇපකරයද නිදහස් කිරීමට යාම බරපතල කරුණකි.

පසුගිය සමයේ සීනි බදු වංචාව, පොල්තෙල් වංචාව, තිරුඟ පිටි සහ තිරිඟු ඇට බදු වංචාව, බීළූනු බදු වංචාව ආදී මහාපරිමාණ බදු වංචා ගණනාවක් පිළිබඳව කරුණු අනාවරණය විය. මෙයද එවැනිම මහා පරිමාණ යකඩ බදු වංචාවක් බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ වැඩිදුරටත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements