Featured News

Video Gossip

Advertisement

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාගේ  විවාහය බිදී යාමට හේතුව පවුලේ මිතුරෙක්?

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා මේ ගෙවන්නෙ දුෂ්කර කාලසීමාවක්. වෘත්තීය ජීවිතේ පැත්තෙනුත්, පෞද්ගලික ජීවිතේ පැත්තෙනුත් ඇහෙන කතා එච්චර හොඳ ඒවා නෙවෙයි.

මේ වෙද්දි සමාජ මාධ්‍ය උණුසුම් කර ඇති කතාව තමයි හර්දික් – නටාසා ප්‍රේම ජවනිකාව හමාර වී ඇති බව.

දෙන්නා ඩිවෝස් ?? එහෙම තමයි කතාව යන්නෙ.

හර්දික් – නටාසා විවාහය සිදුවෙන්නේ 2020 වසරේ මැයි මාසයේදී..

Covid-19 වසංගත සමය තුළ සිදුවූ ඔවුන්ගේ විවාහය එකල සමාජ මාධ්‍යයේ වැඩි කතාබහට ලක්ව තිබුණා..

කොහොම වුණත් අද වෙනකොට ඒ විවාහය ගැන ඇහෙන්නේ ඒ තරම් හොඳ කතාවක් නම් නෙවෙයි.. ඇය මෙවර IPL 2024 තරග නැරඹීමට නොපැමිණීමත් සමඟ මේ ගැන ගොඩක් දෙනෙක් කතා කළා..

ඒ අනෙක් ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරු වගේ ඇය තම සැමියාට සහයෝගය දැක්වීම සඳහා නොපැමිණීම කාටත් ප්‍රශ්නයක් වුණ නිසා කිව්වොත් හරි..


කොහොම වුණත්, මෑතකාලීනව එකිනෙකා ගැන කිසිවක් සමාජ මාධ්‍ය වේදිකාවන්හි පළ කරගෙන තිබුණෙත් නැහැ..

මාර්තු 4 වනදාට යෙදී තිබුණු නටාසාගේ උපන්දිනය වෙනුවෙන්, හර්දික් කිසිම පළ කරලා තිබුනෙත් නැහැ..

මේ කාරණා ඔක්කෝම නිසා බහුතරයකගේ නිගමනය තමයි හර්දික් – නටාසා වෙන් වෙලා කියන කතාවත් නුදුරේදීම ඔවුන් දික්කසාද වනු ඇති බවයි..

නමුත් ඔවුන් දෙදෙනාම මීට ඉහත එකිනෙකා වෙනුවෙන් පළකළ සමාජ මාධ්‍ය සටහන් හෝ ඡායාරූප කිසිවක් ඉවත් කර නැහැ.. පුතු අගස්ත්‍යා එක්ක දෙන්නා ඉන්න ඡායාරූප පවා එහෙමම තියෙනවා..

මේ විදියට පැතිරෙන තවත් කතාවක් තමයි හර්දික් සිය බිරිඳගෙන් දික්කසාද වුවහොත් ඔහුගේ වත්කම්වලින් 70% ක් ඔහුට අහිමි විය හැකි බවයි..

ඒවා කොහොම වුණත් නටාසා හෝ හර්දික් මේ වන තුරුම දෙදෙනාගේ වෙන්වීමක් ගැන තහවුරු කරලා නැහැ.. කොහොම වුණත් නටාසාගේ සහ ඇගේ අලුත් පෙම්වතා යැයි සිතන තරුණයෙක් ගැනත් මේ දවස්වල ඡායාරූප කතා මවනවා..

ඇත්තටම නතාසාගේ අලුත් ආලවන්තයා හර්දික්ගේත් මිතුරෙක්ද..?

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements