Advertisement

හිටපු ඇමැතින් හයකගේ කෝටි ගණනක වත්කම් පිළිබඳ පරීක්ෂණ අරඹයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු මැති ඇමැතින් ගණනාවක් විසින් වත්කම් උපයාගත් ආකාරය ගැන විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

 ඒ අනුව දැනටමත් අනුප පැස්කුවල් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන්ට අදාළව අධිකරණ නියෝග ලබාගෙන තිබේ. 

මේ හැර මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන හා හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව අල්ලස් දූෂණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට ප්‍රකාශ කළේය. 

මේ අයගේ පරීක්ෂණ සම්බන්ධ ප්‍රගතිය ළඟදීම අධිකරණයට වාර්තා කිරීමට ද නියමිත බව සඳහන්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements