Featured News

Video Gossip

Advertisement

ජවිපෙ ජනාධිපතිවරණය දා 63ක් මැරුවා..
මහ මැතිවරණය දා 84ක් මැරුවා….
මන්ත්‍රී රෝහිණී කවිතරත්න පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හැම රැස්වීමකට ‘‘මැතිවරණ දිනයේ ත්, මැතිවරණයෙන් පස්සෙත් ආරක්ෂාව තහවුරු කරනවා කියලා‘‘ කියනවා. ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ දිනයේ ආරක්ෂාව තහවුරු කරපු හැටි අපි හැමෝටම තවම මතක යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිතරත්න පවසයි.

 මාතලේ ලග්ගල පැවති ජනාධිපතිවරණ රැස්වීම් අමතමින් කවිරත්න මහත්මිය පැවසූවේ, ‘ජවිපෙ 1988 ජනාධි තිවරණයේ දී ඡන්දය දමන පළමු පුද්ගලයින් 6 දෙනා ඝාතනය කරන බව කිව්වා. ඇඟිලි කැපුවා. කොන්ඩේ කැපුවා. 1988 ජනාධිපතිවරණ සමයේ දී එජාප,ශ්‍රිලනිප, කොමියුනිස්ට්, මහජන පක්ෂයේ, නව සමසමාජ පක්ෂවලට අයත් 681 දෙනෙක් ජවිපෙ විසින් ඝාතනය කළා. ජනාධිපතිවරණය දවසේ 63 දෙනෙකු ඝාතනය කළා. එ් අතර, මැතිවරණ රාජකාරියට ආපු රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් හිටියා. ඊට පස්සේ, 1989 පෙබරවාරි 15 මහා මැතිවරණය දවසේත් ඊට දින දෙකක් තුල ජවිපෙ විසින් තමන්ට විරුද්ධවාදී දේශපාලන මතයක් තිබුණ පුද්ගලයින් 433 ක් ඝාතනය කළා. මහා මැතිවරණය දවසේ 84 දෙනෙකු ඝාතනය කලා. ඡන්ද මධ්‍යස්ථානවලට බෝම්බ ගැසීම් 121 ක් වාර්තා වුණා. මාතලේ දිස්ත්‍රික්කයේ විතරක් මැතිවරණ දිනයේ සිද්ධි 55 කට වඩා සිද්ධ වුණා. ඔය ඡන්ද දෙක අතර මාතලේ ග්‍රාම නිලධාරිවරු 12 දෙනෙක් ඝාතනය කළා. දඹුල්ලේ ඡන්ද මධ්‍යස්ථානයකට බෝම්බ ගහන්න යනකොට මේ ඝාතනවලට වගකිව යුතු මාතලේ නායකයා හමුදාවට අහුවුණා.

 ඔවුන්ගේ ඉලක්කය වෙලා තිබුණේ මාතලේ කච්චේරියට පහරදීලා ඡන්දය කඩාකප්පල් කරන එක. අනුර කුමාර දිසානායක මැතිවරණ දිනයේ සාමය පවත්වාගෙන යන්න කියලා තමන්ගේ කාඩර් එකට කියනකොට, මේ ලෑස්ති වෙන්නේ ආයෙත් ඒ වැඩේට ද කියලා මිනිස්සුන්ට මතක් වෙනවා. ඉතිහාසය පුරාවට ජවිපෙ තමන්ට විරුද්ධ වෙච්ච මිනිස්සුන්ට අඩන්තෙට්ටම් කළා.

 මේ සැරේ ජවිපෙ ට මොකක් හරි බලයක් ආවොත් ඉස්සරවෙලාම කුමාර් ගුණරත්නම්, ජන අරගල ව්‍යාපාරයේ නුවන් බෝපගේලා, පුබුදු ජාගොඩලා ට අත් වෙන ඉරණම හිතාගන්න වත් බැරි වේවි. අනුර කුමාර මයික් ඉස්සරහට ඇවිත් ‘නිදහස් හා සාධාරණ‘ කියලා ඡන්දෙන් පස්සේ බලාගන්නවා කියලා කියන්නේම අර ජවිපෙ නේ කාඩර් එකට ඩියුටිය බාර දෙන්න. කාඩර් එකේ මොරාල් එක උස්සන්න. එකේ තියෙන්නේ ම ආයෙත් සැරයක් ඇඟිලි කපයි ද, ගමේ පෙට්ටිකඩේ ඉදන් මංකොල්ලකන යුගයක් ඇතිවේවිද කියලා බය හිතෙනවා. ‘ – Media unit

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements