Featured News

Video Gossip

Advertisement

අනුර කියන ඉන්දියානු බුද්ධි වාර්තාව බොරුවක් 
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතිචාර දක්වයි 
ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් කරන ලද වාර්තාවක් යයි කියන සටහන් සමාජ ජාල වල පළවීම සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

 එම කාර්යාලයේ ප්‍රකාශකයෙකු මෙම වාර්තාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ කරන කරන ලද මෙම වාර්තාව තමන්ද නිරීක්ෂණය කළ බවයි. නමුත් එම වාර්තාව පදනම් විරහිත අසත්‍ය හා පදනම් විරහිත බවද ඔහු කියා සිටියේය. 

 මෙරට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දියාව මැදිහත්ව කරන ලද සමීක්ෂණයක් අනුව අනුර දිසානායක මහතා පහසුවෙන්ම ජය ගන්නා බවටත් සමගි ජන බලවේගය ජනප්‍රියත්වය පහළ වැටෙමින් ඇති බවටත් සමාජ ජාලවල හුවමාරු වූ එම සටහනේ දක්වා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements