Featured News

Video Gossip

Advertisement

සභාපතිව ඉවත් කිරීමට නීතිඥ සංගමය යෝජනාවක් සම්මත කරයි.. 
මින් ඉදිරියට සභාපති වෙන්න  වසර 25 ක් නීතිඥ වෘත්තියේ සිටිය යුතු බවට යෝජනාවක්...

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය ඒකමතිවකව යෝජනාවක් සම්මත කර තිබේ.

අද (31) රැස්වී එම යෝජනාව සම්මත කරගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ, මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාට එල්ලවී ඇති බව කියන චෝදනාවක් හේතුවෙනි.

ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් "ජයිකා" (JICA) ආයතනය දූෂණ මර්දන ව්‍යාපෘතියක් සඳහා 2023 වසරේ අවසන් භාගයේ ලංසු කැඳවා තිබූ අතර ඊට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් වීමෙන් පසු රුපියල් මිලියන 24ක අරමුදලක් එම සංගමයට ලැබී තිබුණි.

කෙසේ වෙතත් අදාළ ලංසු තැබීමේදී හා ගිවිසුම්වලට එළැඹීමේදී පාරදෘෂ්‍යභාවයෙන් හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු නොකිරීම පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න, උප සභාපති නලින්ද ඉන්දතිස්ස, ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු, නීතිඥ නුවන් ඩි අල්විස් සහ නීතිඥ රෂ්මිනි ඉන්දතිස්ස යන මහත්ම මහත්මීන්ට චෝදනා එල්ල විය.

තවද නීතිඥ අමිල පල්ලියගේ විසින් යෝජනාවක් කරමින් නීතිඥ සංගමයේ සභාපති තනතුරට පත්වීම සදහා අවම වශයෙන් වසර 25 ක වසරක් නීතිඥ වෘත්තියේ නියැලී සිටියයුතු ලෙසට සංගමයේ ව්‍යවස්ථ සංශෝධනයක් ගෙන ආ යුතු බවට යෝජනාවක් ගෙනඑන ලද අතර සාමාජික අදහස් හා යෝජනා සලකා බලා ඒ පිළිබද සුදුසු තීරණ ගැනීමට එය සංගමයේ ව්‍යවස්ථා සංශෝධන කමිටුව වෙත යොමු කරන ලදී .

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements