Featured News

Video Gossip

Advertisement


බංගලාදේශ අරගලය දරුණුවෙයි -
පාර්ලිමේන්තුව අල්ලාගනියි 
ක්‍රිකට් නායක මෂ්රෆි බින් මොර්ටාසාගේ නිවසට ගිනි තබයි..

අගමැතිනි ෂේක් හසීනා ඉල්ලා අස්වී, රට හැර යාමෙන් පසු රට තුළ දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එරට පාර්ලිමේන්තුවද විරෝධතාකරුවන් විසින් අත්පත් කරගෙන ඇති අතර ඩකා ගුවන් තොටුපල තාවකාලිකව වසා දමා තිබේ.විරෝධතාකරුවන් බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක මෂ්රෆි බින් මොර්ටාසාගේ නිවසට ගිනි තබා ඇති බවද එම වාර්තාවල සඳහන්.

ඇදිරි නීතිය පනවා ඇතත් විරෝධතාකරුවන් නිදහසේ වීදි තුළ සැරිසරමින් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙති.

මෙම වසර මුලදී බංග්ලාදේශයේ පැවති මහ මැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ මෂ්රෆි බින්, එම මැතිවරණය දිනාගෙන මොර්ටාසා නරායිල් - 2 මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දෙවන වරටත් තේරී පත්වුණා.

බංගලාදේශය තරඟ වැදුණු ක්‍රිකට් තරග 117 ක් මෙහෙ‍යවා ඇති මොර්ටාසා, දේශපාලනයට පිවිසෙන්නේ 2018 වසරේ දී.හසීනාගේ නායකත්වයෙන් යුත් අවාමි ලීගයට සම්බන්ධ වීමෙන් දේශපාලන ගමන ඇරඹූ මෝර්ටාසා Narail-2 මැතිවරණ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරයෙකු ලෙස 2018 වසරේදීත් තේරී පත් වුණා.මේ අතර, විරෝධතාකරුවන් හසීනාගේ දිස්ත්‍රික් පක්ෂ කාර්යාලයටත් ගිනිතබා ඇති විරෝධතාකරුවන්, එහි සභාපති සුභාෂ් චන්ද්‍ර බෝස්ගේ නිවසටත් ද හානි කර ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements