Advertisement

 ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරහොත් රට බංකොලොත් - IMF කියයි

ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරහොත් රට බංකොලොත් වන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කල බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.මේ මොහොතේ ඇතැම් දේශපාලන පක්ෂ රටතුළ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන බවට දැනටමත් ප්‍රකාශ කර තිබේ.

එසේ වුවහොත් රට යලි අනතුරකට තල්ලු වනු ඇතිබව පැවසීය.

මේ මොහොතේ බදු අඩු කිරීමක් සිදුකිරීම අපහසුය. පඩි වැඩි කිරීම අසීරුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුගමනය කිරීම දේශපාලනයක් නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

රට මේ වනවිට ඉදිරියට එමින් ඇතිබව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements