Advertisement

වෙලාවට මිස් වුනා..අපි හැදුවෙත් බංගලාදේශයේ වගේ මෙහේ අරගලය ඉදිරියට ගෙනි යන්නයි- ලාල් කාන්ත

බංගලාදේශ අරගලය මෙන් මෙරට පාර්ලිමේන්තුවද අල්ලා ගැනීම සඳහා පහුගිය අරගල සමයේ අවස්ථාවක් තිබූ බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

ගාලු මුවදොර අරගලය විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා දැමූ පසු වහාම අරගලය පාර්ලිමේන්තුවට හැරවිය යුතුව තිබූ බවද හෙතෙම කියා සිටියි.

තම පක්ෂය එම එම කාර්යය සඳහා මූලිකත්වය ගත් නමුත් තැන තැන විසිරී පැතිරී සිටි අරගලයේ සිටි නායකයන් යැයි කියාගත් විවිධ අය එය වළක්වා ලනු ලැබූ බවද හෙතෙම පැවසුවේය.

අනතුරුව ඉතුරු පාර්ලිමේන්තුවෙන් බිඳ වැටුණු කුළුණ යළි ගොඩනැගුණු බවත් හෙතෙම එහිදී කීය.

අවසානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවෙන් පන්නා දැමූ අරගලයෙන් සත පහක වැඩක් නොවූ බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පලකරන ලද්දේ දේශීය ආදම් වෘත්තිකයන්ගේ 16 වන සමුළුව න් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements