Featured News

Video Gossip

Advertisement

වවුනියාවේ පෞද්ගලික හෝටලයකදී ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පිරිසක් රැස්වී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණය තම පක්ෂයේ නිල මතය නොවේ යැයි එහි ජ්‍යෙෂ්ඨතම නායකයකු වන මාවෙයි සේනාධිරාජා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා. 


සජිත්ට උදවු කරන්න ගත්තා කිවුවාට එය මම දන්නෙ නෑ
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා අනාවරණය කරයි

අදාල තීරණය ගැනීමට පක්ෂයේ රැස්වීමක් පැවැත්වෙන බවක් වත් තමා නොදන්නේ යැයි පවසන සේනාරාධිරාජා මහතා එහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදෙන බවට ගත් තීරණයක් ගැනද තමා නොදන්නා බව පවසනවා. 

 එහෙයින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නිල තීරණයක් ලෙස මෙම තීරණය සැලකීමට හැකියාවක් නොමැති බවද සේනාධිරාජා මහතා පැවසුවා. සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම පක්ෂය ගත් පොදු තීරණයක් නොවේ යැයිද දෙතුන් දෙනෙකු විසින් ගත් පෞද්ගලික තීරණයක් යැයිද සේනාධිරාජා මහතා වැඩිදුරටත් සඳහන් කරනවා. 

 තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයා ලෙස පත්කර ගත් එස්.ශ්‍රී ධරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.සී යෝගේශ්වරන්, ශ්‍රී නේෂන් මහත්වරුන් ඇතුළු ප්‍රධාන පෙළේ නායකයන් අදාල තීරණය ගත් රැස්වීමට සහභාගී වී නැතැයි ද මාවෙයි සේනාධිරාජා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements