Featured News

Video Gossip

Advertisement

ප්‍රතිඵල එන්නත් කලින් සජබේ කැරැල්ලක්.
හර්ෂට ලොකු පුටුවක්!

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ලැබෙන්නටත් පෙර සමගි ජන බලවේගයේ මීලග නායකත්වය සමබ්න්ධයෙන් අභ්‍යන්තර කැරැල්ලක් නිර්මාණය වී ඇත.

ලැබී ඇති විශ්වාසදායක සංඛ්‍යාලේඛන සහ වාර්තා සියල්ලෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා තබා දෙවන ස්ථානයටවත් පත්වීමේ ඉඩකඩක් නැති තත්ත්වයක් උද්ගත වී තිබේ.

ආසන්නම සමීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා තුන්වෙනි තැනට වැටී ඇති බවය.

මේ අනුව සමගි ජන බලවේගයේ මූලාරම්භක කණ්ඩායම නියෝජනය කරන හර්ෂ ඉරාන් කබීර් ඇතුළු කණ්ඩායම ඇතුල් කෝට්ටේ පිහිටි පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයේදීම ජනාධිපතිවරණයෙන් පසුව ගතයුතු තීන්දු තීරණ කිහිපයක් පිළිබඳව බරපතල සාකච්ඡාවක් සිදුකොට තිබේ.

මේ දිනවල සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය හුදකලා තැනක් බවට පත්ව ඇති අතර බොහෝ දෙනා රැස්වන්නේ වොක්ෂල් වීඩියෝ පිහිටි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට ය.

පොදු ජන පෙරමුණෙන් ස්වාධීනව පැමිණි ඩලස් අලහප්පෙරුම කණ්ඩායම සහ ජනරජ පෙරමුණේ පාටලී චම්පික රණවක ඇතුළු කණ්ඩායම මෙම ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය ලබාදීමට පැමිණියේ යටි අරමුණු ඇතිව බවත් එහි ආසන්නම අරමුණ සමගි ජන බලවේගයේ බලය තමන් අතට ගැනීම බවත් සමගි ජන බලවේගයේ මූලාරම්භක කණ්ඩායමේ මතය වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සජිත් ප්‍රේමදාස මහතා මාසයකට ආසන්න කාලයක් සොයා ගැනීමටවත් නොහැකි වූ අතර මෙවර ජනාධිපතිවරණය පරාජයෙන් පසුව අනිවාර්යෙන්ම දේශපාලනයෙන් සමුගන්නා බව චම්පික රණවකගේ දැඩි විශ්වාසය වී තිබේ.

මෙවර ජනාධිපතිවරණ වේදිකාව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැමිණි දයාසිරි ජයසේකර සජිත් ප්‍රේමදාසට බොහෝ සෙයින් සමීප වී සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සමගි ජන බලවේගය එක්කොට එහි නායකත්වයට දයාසිරි ජයසේකර ඉව අල්ලමින් සිටින බවටද තොරතුරු වාර්තා වී තිබේ.

මේ අනුව,කබීර් එරාන් රෝහිනී ඇතුළු කණ්ඩායමේ මතය වී ඇත්තේ වහාම සමගි ජන බලවේගයේ වැඩ බලන නායකත්වයට හෝ ඉතා ඉක්මනින් හර්ෂද සිල්වා පත් කළ යුතු බවය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements