Featured News

Video Gossip

Advertisement

හොඳ තැනකට යන්න නම් කට්ටක් කන්නම ඕනා...
කැපිලි කෙටිලි එන තරමට අපේ වෘත්තිය රසවත් වෙනවා

දශයකට ආසන්න සිය මාධ්‍යය ජිවීතය තුළ විවිධ බාධක මධ්‍යයේ සාර්ථක ගමනක් ආ තරුණ මාධ්‍යවේදියෙකු සමගින් අප මෙවර කතා කළා. ඔහු නමින් ධනුෂ්ක දිලිනුවන්. මාධ්‍ය ජාල කිහිපයක් සමග සිය මාධ්‍ය ජිවීතය බෙදාගත් ධනුෂ්ක වර්තමානය වනවිට සාමාජ මාධ්‍යයන් තුළද අතිශය ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්ව සිටියි. මේ නිසාම අප ධනුෂ්ක මාධ්‍යය ජිවීතය ගැන තොරතුරු ගැන කතා කළා.

මොනවාගේ චරිතයක්ද?
ධනුෂ්ක දිලිනුවන් කියන්නේ ඇත්තටම සරල චරිතයක්. ඕනෑම කෙනෙක් එක්ක සුහදව කටයුතු කරන හා ලද දෙයින් සතුටු වෙන තරුණයෙක්. ඒ වගේම තමා හැම වෙලාවෙම සතුටින් නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. ගොඩක් තරුණයෝ වගේ මාත් ස්වඋත්සාහයෙන් ඉදිරියට යන්න උත්සාහ කරන හා හැම වෙලාවේම සාර්ථකත්වය හිතෙන කෙනෙක් කිව්වොත් හරියටම හරි.

ඇයි ඔබ මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්න හිතුවේ?

මට ලොකු අරමුණක් තිබුණා නිවේදකයෙක් වෙන්න. නිතරම වගේ ඒ කාලේ ඔය නාලිකාවල විකාශය වෙන ප්‍රවර්ධන වැඩසටහන් මම නරඹනවා. ඒතකොට තමයි මගේ ඒ කැමැත්ත තවත් වැඩිවුණේ. උසස් පෙළ විභාගය අවසන් කරලා මම රැකියා කිහිපයකට යොමු වුණා. ඒත්, පස්සේ තේරුම් ගියා මේ වෘත්තින් මට ගැළපෙන්නේ නැහැ කියලා. ඔය අතරේ තමයි මට ස්වාධින රූපාවාහිනි නාළිකාවේ සේවය කරන සම්පත් අයියා මුණ ගැහෙන්නේ. ඔහුගේ මඟ පෙන්වීම මත මම රුපවාහිනි අභ්‍යස විද්‍යලයට යොමු වෙනවා. එතැනින් තමයා මගේ මාධ්‍යය ජිවිතේ ආරම්භය සිද්ධ වෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනා සිරසේ අමර ශ්‍රි බණ්ඩර අයියා, දෙරණේ සුමුදු මහිල් ජයවිර අයියා හා සියතේ උදෙශන් ඉඩමේගෙදර අයියාව.

මාධ්‍ය ජිවිතේ ඔබ මුහුණ දුන් අභියෝග මොනවද?

අතිතයේ හා වර්තමානයේ මාධ්‍යවේදියා අතර, අද ලොකු වෙනසක් තියෙනවා. අද තාක්ෂණය දියුණුයි ඒ වගේම සමාජ මාධ්‍යය අද කාටත් නැතුවම බැරි මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. මේ දේවල් එක්ක යම් අභියෝගවලට මුහුණ දෙන්න අද ඉන්න මාධ්‍යවේදින්ට සිදුවෙලා තියෙනවා. දේශපාලඥයින් සමග වගේම විවිධ තරාතිරම්වල පුද්ගලයින් සමග වැඩ ගනුදෙනු කරද්දි විශාල අභියෝගවලට මුහුණ දෙන්න අද මාධ්‍යවේදින්ට සිදුවෙලා තියෙනවා. මගේ මතය නම් මාධ්‍යවේදියෙක් කියන්නේ හැමෝම එක්ක සුහදව කිසිම පාර්ශවයකට පක්ෂග්‍රාහි නොවි කටයුතු කළ යුතුයි කියනදේ.

මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න ගොඩක් අය කැමතියි ඒයට යමක් කියනවා නම්?

හොද තැනකට එන්න කට්ටක් කන්නම ඕනා. ඒ කට්ට කෑව නිසා තමා අද මම මාධ්‍යයේ ජිවිතය තුළ සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙන්නේ. හැම දෙයක්ම අපි හිතන පතන විදිහට ලැබෙන්නේ නැහැ. අපි එකට මහන්සි වෙන්න ඕනා. කැපිලි කෙටි බාධක එන තරමට තමා ඕනෑම වෘත්තියක් රසවත් වෙන්නේ. මම හිතන විදිහට කැපවීමෙන් වැඩ කළොත් මේ ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් යන්න පුළුවන් කියලා.

බුද්ධික සේනාධීර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements