Featured News

Video Gossip

Advertisement

පුංචි කාර් සිහිනය සුනේ සුන්
වාහන මිළ තවත් ඉහලට

ජපානයෙන් ආනයනය කරන ලද වාහන 400 ක් පමණ නිදහස් කර ගැනීමට නොහැකිව අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව ඇතැයිද, මේ නිසා වාහනයක මිල තවත් රුපියල් 40,000 ත් 50,000 ත් අතර මිලකින් ඉහළ යනු ඇතැයිද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පැවැසීය.

 මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියේය. මෙරටට වාහන 197 ක නැවක් මුලින් පැමිණි බවත්, දෙවනුවද වාහන සහිත නැවක් පැමිණි බවත්, ජපානයෙන් ආනයනය කරන ලද එකදු වාහනයක් මෙතෙක් නිදහස් කර ගැනීමට නොහැකිවී ඇති බවත් ඔහු පැවැසුවේය. වාහන ආනයනය ප්‍රකෘති කිරීමේදී ගත් වැරදි තීන්දුවක් මීට බලපා තිබෙන බවද ඔහු කීවේය. 

 එසේම නිෂ්පාදිත දිනය මීට බලපා තිබෙන බවද ඔහු පැවැසීය. මෙලෙස වාහන නිදහස් කර ගැනීමට ප්‍රමාද වීම මගින් සිදුවන්නේ වාහන මිලදී ගැනීමට සිටි පිරිස ඊට අඩු උනන්දුවක් දැක්වීම බවද ඔහු කීවේය. 

 හම්බන්තොට වරායේ වාහන ගාල් කිරීම සඳහා දින 10 ක නිදහස් කාල සීමාවක් ලබාදී තිබෙන බවත්, දින 10 ට පසුව රුපියල් 30,000 ත් 40,000 ත් අතර අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

Aruna.lk

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements