Featured News

Video Gossip

Advertisement

අසාධාරණයට ලක්වූ රූපවාහිනී සේවකයාට වසර 11 ක් ආපස්සට බලපාන උසස්වීමක්


ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා විසින් සේවකයෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම සේවකයාට වසර 11ක් අතීතයට බලපාන පරිදි උසස්වීමක් ලබා දෙන ලෙස නියෝග කර තිබේ. ඒ අනුව, රූපවාහිනී සංස්ථාවේ යූ.පී.ඊ. විජේසූරිය නමැති සේවකයා, 2014 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි තාක්ෂණික පරිපාලක තනතුරට වහාම උසස් කළ යුතු බවට අධිකරණය නියම කළේය.

මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ,

2019 වසරේදී රූපවාහිනී සංස්ථාවේ තාක්ෂණික පරිපාලක තනතුර සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයකදී තමන්ට අසාධාරණයක් වූ බව පවසමින් විජේසූරිය මහතා ඇතුළු තිදෙනෙකු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවය. 

නීතියට පටහැනිව වෙනත් පුද්ගලයින් තිදෙනෙකුට එම උසස්වීම් ලබා දීමෙන් තම අයිතීන් කඩවී ඇති බවට පෙත්සම්කරුවෝ චෝදනා කර තිබිණි. එස්. තුරේරාජා, මහින්ද සමයවර්ධන සහ කුමුදුනි වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. නඩු විභාගයේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, දෙවන සහ තෙවන පෙත්සම්කරුවන් උසස්වීම් ලැබූවන්ට වඩා සුදුසුකම් ලැයිස්තුවේ පහළින් සිටින බව තහවුරු කරගෙන ඇත. 

කෙසේ වෙතත්, පළමු පෙත්සම්කරු වන විජේසූරිය මහතාට පැහැදිලි අසාධාරණයක් සිදුවී ඇති බව අධිකරණය විසින් නිගමනය කරන ලදී. මෙම තීන්දුවට අනුව, විජේසූරිය මහතාට හිමිවන උසස්වීම හිඟ වැටුප් රහිතව ක්‍රියාත්මක විය යුතු බවද අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් ආචාර්ය සුනිල් කුරේ මහතා පෙනී සිටි අතර, වගඋත්තරකාර රූපවාහිනී සංස්ථාව සහ එහි සභාපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ සබ්‍රිනා අහමඩ් මහත්මිය පෙනී සිටියාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements