Advertisement

හිටපු DIG අත්අඩංගුවටගන්න යද්දී 
නිවසින් පැන දුවලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිදු වී ඇතැයි කියන රුපියල් ලක්ෂ 75ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මෙහෙයුම් ආරම්භ කර ඇත.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා පදිංචි නිවස ඇතුළු ඔහු රැඳී සිටින ස්ථාන කීපයක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් පරීක්ෂා කළ ද එම ස්ථාන අතහැර ඔහු පලාගොස් ඇති බව ද ආරංචිමාර්ග පවසයි.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පැමිණෙන ලෙස අල්ලස් කොමිසම රොහාන් ප්‍රේමරත්න මහතාට දැනුම්දී තිබුණ ද ඒ මහතා එම කොමිසම මඟ හැර සිට ඇත. රොහාන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අල්ලස් කොමිසම විසින් ආරම්භ කර ඇත්තේ ඉන් අනතුරුවය.

මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් නයිජීරියානු ජාතිකයන් හය දෙනෙකු ඇතුළු අටදෙනෙකු කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමේදී මෙම මූල්‍ය වංචාව සිදු වී ඇති බව විමර්ශන නිලධාරිහු පවසති.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් විසින් මෙම නයිජීරියානු ජාතිකයන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 2021 වර්ෂයේදී දෙහිවල ප්‍රදේශයේදීය.

මූල්‍ය වංචා වලින් මෙම සංවිධානාත්මක කල්ලිය උපයාගත් රුපියල් ලක්ෂ 75ක මුදල් ද කැලණිය කොට්ඨාස අපරාධ ඒකකය විසින් නඩු භාණ්ඩ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබිණ.

එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කර තිබුණේ රොහාන් ප්‍රේමරත්න මහතා ය.

එසේ ලැබුණු රුපියල් ලක්ෂ 75 මුදල් අධිකරණයට භාර නොදී ආපසු සැකකරුවන් වෙත භාරදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණ.

එහිදී සිදු වූ මහා මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පසුව විමර්ශනයක් කළ ද එම විමර්ශනයෙන් ද රොහාන් ප්‍රේමරත්න මහතාට චෝදනා එල්ල වී නොතිබුණු බව අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීහු පවසති.

මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරුවකු බව කියන රොහාන් ප්‍රේමරත්න අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වන බව ද අල්ලස් කොමිසම පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements