Featured News

Video Gossip

Advertisement

වාහන ආනයනය ආණ්ඩුව නවතා දමයි ? 
මහ බැංකු අධිපති නන්දලාල් කියන කතාව


වාහන ආනයනය සීමාකිරීමට රජයේ හෝ මහ බැංකුවෙහි කිසිදු තීරණයක් ගෙන නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඊයේ (23) මහ බැංකුවේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී වාහන ආනයනය සීමා කිරීමට රජය හෝ මහ බැංකුව තීරණය කර ඇත්දැයි අද දෙරණ ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

ප්‍රශ්නය - පසුගිය දිනවල කිසියම් වාර්තා කිහිපයක් පලවෙලා තිබුනා වාහන ආනයනය සීමා කරන්න රජය සහ මහ බැංකුවෙන් අවධානය යොමු වෙලා තියනවා කියලා. මේකෙ කිසියම් සත්‍යතාවයක් තියනවා ද?

"මහ බැංකුවෙන් කිසිම අවධානයක් යොමු වෙලා නැහැ ඒවා සීමා කරන්න. විවෘත කරපු වෙළෙඳපොළ දිගටම විවෘතව පවතීවි. රජයෙත් එහෙම අදහසක් නැහැ. මම දන්න විදිහට එහෙම මම හිතන්නේ නැහැ.මම හිතන්නේ ඇමතිතුමා ප්‍රකාශයක් කරා එහෙම වෙනසක් කරන්නෙ නැහැ කියලා."

මේ අතර මෙරට බැංකු සහ මූල්‍ය සමාගම් විසින් මෝටර්රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව නව මාර්ගෝපදේශ සංග්‍රහයක් පසුගිය දා නිකුත් කරනු ලැබූ අතර මේ පිළිබඳව ද මහ බැංකු අධිපතිවරයා එහි දී පැහැදිලි කිරීමක් සිදුකර සිටියේය.

"මේක restrict වෙනවා කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් මේක ඇවිල්ලා Macroprudential මහ බැංකුව පැත්තෙන් මුදල් පද්ධතියේ ස්ථායීතාවය සහ ණය ගන්න පුද්ගලයාගේ සහ ණය ගෙවීමේ හැකියාව අනුව ඒ අවධානම තියෙනවා. යම්කිසි ආකාරයක ගැලපීමක් තමයි කරලා තියෙන්නේ මේ අවස්ථාවේ."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements